2026 වසරේ පළමු වාරය අදින් ඇරඹේ

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) දිනයේ ආරම්භ වනවා.

ඒ, අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙන්ම පිරිවෙන් අද (05) සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරනවා.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වූ සහ මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යනු ලබන පාසල් 100ක පමණ අධ්‍යන කටයුතු අද දිනයේ ආරම්භ නොවන බවයි.

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පසුගිය දෙසැම්බර් මස 09 වනදා නිකුත් කරනු ලැබූ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වන බවයි
අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දුන්නේ.

මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ පළමු ශ්‍රේණිය සඳහා ජනවාරි 29 වනදාත්, 06 වන ශ්‍රේණිය සඳහා ජනවාරි 21 වනදාත් නව විෂය මාලාව ආරම්භ වනවා.

කෙසේ වෙතත් ශිෂ්‍යත්ව ප්‍රතිපල මත 06 ශ්‍රේණිය සඳහා වෙනත් පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කටයුතු අද (05) දිනයේ සිට ඉදිරි සතියක කාලයක් තුළ සිදුකිරීමේ හැකියාව පවතිනවා.

2026 පළමු පාසල් වාරයේ පළමු අදියර අද සිට එළඹෙන 09 වනදා දක්වා පැවැත්වෙන අතර, තාවකාලිකව අත්හිටුවනු ලැබු උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරි 12 වනදා සිට පැවැත්වීම ද නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26