2026 වර්ෂයේ පළමු පාසල් වාරයේ, දෙවන අදියර අදින් අවසන්

2026 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල, පළමු පාසල් වාරයේ, දෙවන අදියර අදින් (13) අවසන් වනවා.

ඒ අතරින් සිංහල සහ දෙමළ පාසල්වල පළමු පාසල් වාරයේ, තෙවන අදියර ලබන මාර්තු මස 03 වන අඟහරුවාදා දින ආරම්භ වීමට නියමිතයි.

ඊට අමතරව මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර මාර්තු මස 23 වන සඳුදා දින ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.