මෙම වසරේ ශ්‍රී ලංකාවට පැමිණි 20 ලක්ෂවැනි සංචාරකයා අද (20) පෙරවරුවේ දිවයිනට පැමිණියා.
රුසියානු ජාතික නෙතාලි නැමැති ඇය, ඇයගේ පවුලේ සාමාජිකයින් සමඟ කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණ තිබුණා.
රුසියාවේ සිට ‘Aeroflot’ ගුවන් සේවයේ SU288 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණි ඇයව කටුනායක ගුවන්තොටුපොළේ දී උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.
මේ අතර විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සඳහන් කරන්නේ අඛණ්ඩව තෙවැනි වසරටත් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 20 සීමාව ඉක්මවා ගිය බවයි.
ඒ අනුව, 2018 වසරෙන් පසුව 2024, 2025 සහ 2026 යන වසර තුනේදීම මෙම සීමාව ඉක්මවා යාම විශේෂත්වයක්.










