2025 විසර්ජන පනත් කෙටුම්පතට කතානායකවරයාගේ සහතිකය

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) අද (21) පාර්ලිමේන්තුවේ වැඩි ජන්දයෙන් සම්මත වුණා.

අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත වූ 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් අද සහතික කළා.

ඒ, අනුව මෙම විසර්ජන පනත් කෙටුම්පත 2025 අංක 3 දරණ විසර්ජන පනත ලෙස බලාත්මක වනවා.

විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පස්වරු 7.40ට ආරම්භ කෙරුණු අතර, එහිදී පක්ෂව ඡන්ද 159ක්ද විපක්ෂ ඡන්ද 45ක් ද හිමි වුණා.

ඒ අනුව 2025 විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 114 කින් පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අනතුරුව පෙබරවාරි 18 සිට 25 දක්වා, දින 07ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත් වුණා.

ඒ අනුව පෙබරවාරි 25 වැනි දින පැවති විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 109 කින් පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 සිට අද (21) දිනය දක්වා දින 19ක් පැවැත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32