2025 වර්ෂය වෙනුවෙන් අයවැය වාර්තාවක් නැහැ – රංජිත් සියඹලාපිටිය (වීඩියෝ)

2025 වර්ෂය වෙනුවෙන් අයවැය වාර්තාවක් ඉදිරිපත් නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඒ අනුව 2025 වර්ෂය වෙනුවෙන් අතුරු සම්මත් ගිණුමක් ඉදිරිපත් කරන බවයි.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙම වර්ෂය ප්‍රධාන මැතිවරණයක් පැවැත්වීමට නියමිත වර්ෂයක් බවත්, මීට පෙර ද එවැනි අවස්ථාවල දී මේ ආකාරයෙන් අතුරු සම්මත ගිණුම් සම්මත කරගෙන තිබෙන බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

2024 වර්ෂය වෙනුවෙන් සම්මත කරන ලද අයවැය වාර්තාව මගින්, 2024 දෙසැම්බර් මස 31 වනදා දක්වා පමණක් ආදායම් වියදම් සිදුකිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව 2025 වර්ෂය සඳහා වෙනම අයවැය ලේඛනයකින් අනුමැතිය ගත යුතු බවයි සියඹලාපිටිය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් මේ වසරේ ජනාධිපතිවරණයක් පැවත්වීමට නියමිත බැවින් එහිදී එක් එක් අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉතා වැදගත් බවත්, එම ප්‍රතිපත්ති ප්‍රකාශ ක්‍රියාත්මක කිරීමට වැදගත්ම ලේඛනය වූ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉඩක් තබා 2025 මුල් කාර්තුව වෙනුවෙන් මෙලෙස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවයි ඔහු පැවසුවේ.

ජනාධිපතිවරණය අභිමුව තිබිය දී වඩාත් ආකර්ශනීය යෝජනා ඇතුළත් කොට ඊළඟ වසර සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට රජයට ඕනෑ තරම් අවස්ථාව ඇතත් ලොව පිළිගත් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් අනුගමනය කරමින් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා ආර්ථිකය සහ දේශපාලන, ආර්ථිකය සහ ඡන්ද ව්‍යාපාරය පටලවා නොගෙන මේ ආකායෙන් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් ක්‍රියාවක් බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අතුරු සම්මත ගිණුම මගින් කිසිදු නව යෝජනාවක් ගෙන එන්නේ නැති බවත්, ඒ තුළින් මේ දක්වා සිදුකළ රාජ්‍ය සේවක වැටුප ගෙවීම, අස්වැසුම ඇතුළු අනිකුත් වියදම් සිදුකිරීමට පමණක්ම අවසර ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40