2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය ඇරඹෙයි (වීඩියෝ)

2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (27) ආරම්භ වුණා.

අද පෙරවරු 9.30ට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව මේ සඳහා රැස් වූ බවයි දැක්වෙන්නේ.

පසුගියදා (24) අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම සිදු කෙරුණා.

එහිදී පක්ෂ ව ඡන්ද 155ක් හිමිවුණා.

විපක්ෂ ව ලැබුණු ඡන්ද ගණන 46ක්.

කිසිවෙකුත් අයවැයට දෙවැනි වර ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඊට ඡන්දය දීමෙන් වැළකී සිටියේ නැහැ.

2025 අයවැය විසර්ජනත පනත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත කෙරුණා.

ඉන් පසුව අගමැතිනිය ප්‍රකාශ කළේ අද දිනයේ දී පාර්ලිමේන්තු කාරක සභාව රැස්විය යුතු බවටයි.

පෙබරවාරි 18 සිට පෙබරවාරි 25 දක්වා, දින 7ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වුණු අතර එහි ඡන්ද විමසීමේ කටයුතුයි එලෙස එදින අවසන් කෙරුණේ.

මේ අනුව කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වීමට ද තීරණය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25