2024 සා/පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හරියි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) අලුයම නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.

මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම එළැඹෙන 14 වනදා සිට 28 වනදා දක්වා සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම ප්‍රතිඵල පිළිබඳ කිසියම් විමසීමක් අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 ඇමතීමෙන් හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ දුරකථන අංක වන 0112-785922, 0112-784208, 0112-786616 සහ 0112- 784537 යන දුරකථන අංක මගින් විමසීම් කළ හැකි බවත් නිවේදනයේ සඳහන්.

2024 සාමාන්‍ය පෙළ විභාගය ඉකුත් මාර්තු මස 17 වනදා සිට 26 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,664ක දී පැවැත්වුණු අතර ඒ සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටියා.

ඉන් 398,182 දෙනෙක් පාසල් අයදුම්කරුවන්.

මේ අතර සියලුම විදුහල්පතිවරුන්ට අයදුම්පත් එවීම සඳහා දැනටමත් ලබා දී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

එමෙන්ම සියලුම පළාත් සහ කලාප අධ්‍යපන අධ්‍යක්ෂකවරුන්ට ද පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර සියලු පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල බාගත කර කිරීමේ හැකියාව ද සලසා ඇති බවයි වාර්තා වන්නේ.

සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ට ද සිය විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල සටහනක් බාගත කරගැනීමට හෝ නිරීක්ෂණය කිරීමට පහසුකම් සලසා තිබෙනවා.

එලෙස ලබාගන්නා මුද්‍රිත ප්‍රතිඵල සටහන් උසස්පෙළ පන්ති සඳහා ඇතුළත්වීමට වලංගු ලේඛනයක් ලෙස පිළිගන්නා බව ද විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත ප්‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතත් නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ද විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

එමෙන්ම විභාගයේ සහතික පත් එළැඹෙන සඳුදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්කිරීමට පහසුකම් සලසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03