2024 වසරේ මේ දක්වා වන අලි – මිනිස් ගැටුම්වලින් මියගිය ගණන ගැන අනාවරණයක්

වනඅලි – මිනිස් ගැටුම හේතුවෙන් 2024 වසරේ මේ දක්වා (18) පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 05 දෙනෙකු සහ වනඅලීන් 12 දෙනෙකු මියගොස් ඇති බව හෙළි ව තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ වනඅලි – මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා සැලසුම් සහ ක්‍රියාමාර්ග පිළිබඳ ව පැවති සාකච්ඡාවක දියි මේ බව අනාවරණය කෙරුණේ.

රාජ්‍ය පරිපාලන,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිසා ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී මෙම
සාකච්ඡාව පැවැත්වුණා.

වනඅලි ගැටලුව පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08කට බරපතළ ලෙස බලපා ඇති බව මෙහිදී හෙළිවුණා.

පල්ලේගම, නවගත්තේගම, ආණමඩුව, පුත්තලම, මහකුඹුක්කඩවල, වනාතවිල්ලුව, ආරච්චිකට්ටුව සහ කරුවලගස්වැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනඅලි ගැටලුවට දැඩි ලෙස මුහුණ දී සිටින බව ද මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කෙරුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට කරුවලගස්වැව, වනාතවිල්ලුව වශයෙන් කලාප තුනකට සහ කරුවලගස්වැව අලි පාලන ඒකකයක් ලෙස ක්‍රියාත්මක වන බවත්, එම කලාපවල සේවය සඳහා ප්‍රමාණවත් තරම් නිලධාරීන් සහ වාහන නොමැති වීම ගැටලුවක් බව ද නිලධාරීන් පෙන්වා දුන්නා.

පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්ෂ කාර්යාලය විසින් කිලෝමීටර් 365 කින් යුත් විදුලි වැටවල් 20ක් ස්ථාපනය කර ඇති බවත්, මාසයකට ගොවීන් සඳහා වනඅලි වෙඩි 10,000 ක් නිකුත් කරන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මිනිස් ජීවිත සහ කෘෂි භෝග රැකගෙන අලි – මිනිස් ගැටුමට විසඳුම් සෙවිය යුතු බව‍යි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:00:38
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:33
Video thumbnail
අවු:76ක සා#ඵය ගැන රාජිත ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි..මේක සා#ඵයක්ද ?
11:18
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන රාජිත කළ ප්‍රබල හෙළිදරව්ව - ස##න්ලා මැ#න්නේ නෑ ගෝඨාභයලා බලයට ගේන්න
05:49
Video thumbnail
රනිල් - අනුර අතර සාකච්ඡාවක් තිබුණද ? - රනිල් අනුරට ගොඩක් උදව් කළා
02:07
Video thumbnail
ඉස්සර නාමල්ට වඩා දැන් නාමල් හරි පරිණතයි..මහින්ද කරපු දේම කරන්නේ - නාමල් ගැන හොඳ කිව්ව රාජිත
03:02
Video thumbnail
මරික්කාර්ගේ ප්‍රකාශයට රාජිතගෙන් සැර කතාවක් - මං රටේ කුඩාම පක්ෂයේ ඉදලා දන්නවා
10:57
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:36:43
Video thumbnail
රනිල් ළඟ ඉන්න අයම එයා ගැන දන්නේ නෑනේ - පාර්ලිමේන්තු පැමිණීම ගැන කවියකින්ම කිව්ව රාජිත
03:47