2023 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි (ඡායාරූප)

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ දී නිකුත් වුණා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ සිය නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

ප්‍රතිඵල නිකුත් වීමත් සමග අදාළ දිස්ත්‍රික්කවලට කඩයිම් ලකුණු ද නිකුත් කෙරුණා.

ඒ අනුව වැඩි අවධානයක් ගන්නා කොළඹ, කළුතර හා ගම්පහ ද, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා ද, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා ද මෙවර ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණු වන්නේ 154යි.

සිංහල, දෙමළ යන මාධ්‍යයන් ද්විත්වයේ ම කඩයිම් ලකුණු නිකුත් කර ඇති අතර, රත්නපුර සහ හම්බන්තොට ලකුණු 150 අවම ලකුණු සීමාව ලෙසට දැක්වෙනවා.

වව්නියාව 145ක් ලෙසයි සඳහන්.

දෙමළ මාධ්‍යයෙන් ලියන ලද විභාග ප්‍රතිඵල අපේක්ෂකයින් කොළඹ, කළුතර හා ගම්පහ, ගාල්ල, මාතර,මහනුවර, කුරුණෑගල, මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වෙත අයත් නම්; ඔවුන්ගේ කඩයිම් ලකුණු සීමාව ලකුණු 147ක්.

2023 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය මාසේ 14 වැනිදා පැවැත්වුණා.

ඒ විභාග අපේක්ෂකයින් 337,596 දෙනෙකුට විභාග මධ්‍යස්ථාන 2888ක දී මෙවර ශිෂ්‍යත්වය පැවැත්වීමටයි පියවර ගැනුණේ.

මෙවර එම විභාග අපේක්ෂකයින් ප්‍රමාණයෙන් අපේක්ෂකයින් 50,664 දෙනෙකු කඩයිම් ලකුණු අබිබවා ගොස් තිබෙනවා.

මේ අතර ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම්; නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4වන දින දක්වා මාර්ගගතව අභියාචනා ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ප්‍රතිඵල සකස් කිරීමේ දී දිස්ත්‍රික් මට්ටම් (District Rank) හෝ දිවයින් මට්ටම් (Island Rank) නිකුත් කරනු නොලැබෙන බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

3 3
4 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
31
+1
7
+1
12
+1
3
+1
18
+1
4
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ගල් අඟුරු කොමිසමට - පැලවත්ත කාඩර් එකෙන්නේ ඔක්කොම මෙහෙයවන්නේ..මේකත් ෂුවර් නෑ
06:15
Video thumbnail
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු
01:27
Video thumbnail
භික්ෂුවගේ ආවාසගෙට ගිහින් කට උත්තර අරන් තියෙන්නේ..නීතිඥ චානක අබේවික්‍රමගෙන් ප්‍රබල ප්‍රකාශයක්
07:29
Video thumbnail
ආණ්ඩුවේ කිසිවෙක් මහ ජනයාගේ මුදල් හොරකම් කරන්නේ නෑ..කෙනෙක් හිටියොත් ආණ්ඩුවේ ඉන්නත් බෑ
01:22
Video thumbnail
තිස්ස විතාරණ ගැන මතක් කරලා සජිත් පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි..උගත් ගුණවත් ජනතා පුත්‍රයෙක්
02:07
Video thumbnail
කථානායක ගැන ආන්දෝලනාත්මක කරුණු රැසක් එළියට ?..තොරතුරු දීලා සුජාතභාවය ඔප්පු කරන්න
07:33
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදාහරියි..අධිකරණය අසළ නොසන්සුන් ?
01:42
Video thumbnail
"හැම දේශපාලකයෙක්ම හොරෙක් නෙවෙයි" අජිත්, දිවන්ගත නන්දන ගුණතිලක ගැන කිව්ව දේ
13:30
Video thumbnail
ගංඟා ආශ්‍රිතව සිටින ජනතාව විමසිල්ලෙන් ඉන්න..ආපදා කළමණාකරනයෙන් විශේෂ දැනුම්දීමක්
03:23
Video thumbnail
පූගොඩ නගරයත් ජලයෙන් යටවෙයි..ඉණ දක්වා වතුර පිරිලා - පාර ගංඟාවක් වගේ
02:33