2023 අයවැයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි

2023 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අද (04) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.

2023 මුදල් වර්ෂය සඳහා එහි ඇස්තමේන්තුගත පුනරාවර්තන වියදම ලෙස දැක්වෙන්නේ රුපියල් බිලියන 4,634ක්.

එහි ඇස්තමේන්තුගත ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 3,245ක් ලෙස දැක්වෙනවා.

3