2023 ලෝක විශ්ව විවාහක රූ රැජින දිවයිනට

ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන 2026 ලෝක විශ්ව විවාහක රූ රැජින තරගාවලිය (Missis Universe Sri Lanka – 2026) විනිශ්චය කිරීම සඳහා, 2023 වසරේ ලෝක විශ්ව විවාහක රූ රැජින ලෙස කිරුළු පළඳි ඇමරිකානු ජාතික මෙරයිනි පබ්ලර් ගාඩියානා අද (17) පස්වරුවේ මෙරටට පැමිණියා.

ඇය අද (17) පස්වරු 04.00ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි ‘දසත නිවුස්’ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

49 වන වරට මෙවර මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන අතර එය හෙට (18) දිනයේ සිට ලබන 24 වනදා දක්වා
ලෝකයේ විවාහක රූ රැජිනියන් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් කොළඹ දී පැවැත්වීමට නියමිතයි.