2022 IPL ශූරයින් කවුද ? – අවසන් මහා තරගය අද රාත්‍රියේ

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ අවසන් මහා තරගය අද රාත්‍රියේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර අවසන් මහා තරගය වෙනුවෙන් සංජු සැම්සන් නායකත්වය දරණ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ හර්දික් පාණ්ඩ්‍යා නායකත්වය හොබවන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසය තුළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම එක්වරක් ශූරතාවය දිනා ඇති අතර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙවර අයි.පී.එල් තරගාවලියට එක් වූ කෝඩුකාර කණ්ඩායමක් වීම විශේෂත්වයක්.

මෙවර තරගාවලිය පුරාම අති සාර්ථකම කණ්ඩායම බවට පත් වූ ගුජරාට් පිළ මූලික වටයේ තරග 14න් තරග 10කම ජයගෙන තිබීම විශේෂත්වයක්.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරගාවලිය ආරම්භයේ යම් පසුබෑමක සිටියත් පසුව ජයග්‍රාහී මාවතට අවතීර්ණ වූ ඔවුන් මූලික වටය අවසන් කළේ එම වටයේ තරග 14න් තරග 09ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තැනට පත්වෙමින්.

තරගාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී රාජස්ථාන් රෝයල්ස් පිළ පරාජය කරමින් ගුජරාට් ටයිටන්ස් පිළ අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කරගත් අතර, 2008 වසරෙන් පසු මෙවර තරගාවලිය සිය සාර්ථකම අයි.පී.එල් තරඟාවලිය කරගත් රාජස්ථාන් ක්‍රීඩකයින් දෙවනවරටත් අවසන් මහා තරඟයකට පිවිසියේ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම Eliminator තරඟයෙන් ඉවතට ඇද දමමින්.

මෙවර තරගාවලියේ මෙම කණ්ඩායම් දෙකම පිතිකරණයේ බලවතුන් වන අතර, අද පැවැත්වෙන අවසන් මහා තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

අවසන් මහා තරගයේ දී රාජස්ථාන් පිළ ජෝෂ් බට්ලර් සහ දඟ පන්දු යවන ක්‍රීඩක යුශ්වේන්ද්‍ර චාහල් කෙරෙහි වැඩි බලාපොරොත්තුවක් තබාගෙන ඇති අතර ගුජරාට් පිළේ ආරම්භක පිතිකරුවන් වන විර්දිමන් සහා සහ ශුබ්මන් ගිල් මෙන්ම මැදපෙළ පිතිකරු ඩේවිඩ් මිලර් කෙරෙහි වැඩි බලාපොරොත්තුවක් තබාගෙන ඇති බවයි ක්‍රීඩා විචාරකයින් සඳහන් කළේ.

අද රාත්‍රියේ ලොව වටා සිටින මිලියන සංඛ්‍යාත ක්‍රිකට් ප්‍රේක්ෂකයින් දෑස් දල්වා බලා සිටින්නේ මෙම අවසන් මහා තරගයේ දී ගුජරාට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන්ගේ සහ රාජස්ථාන් පිළේ අධ්‍යක්ෂ කුමාර් සංගක්කාරගේ සහ වේග පන්දු පුහුණුකරු ලසිත් මාලිංගගේ සැලසුම් පිටිය මැද දී කෙසේ ක්‍රියාත්මක වේවි ද යන්නයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ..සජබ ආරාධනාව ගැන ඇහුව එකට තලතාට යකා නගියි?
06:04
Video thumbnail
හු## කියන්න එපා සර් - ඔයාට අයිතියක් නෑනේ
03:19
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29