2022 වන විට ජනාධිපති අරමුදලට ලැබුණු අයදුම්පත් 11,000න් 10,360ක වැඩ අවසන්

ජනාධිපති අරමුදල වෙත 2022 වසර අවසානය වන විට ලැබී තිබූ අයදුම්පත් 11,000ක පමණ ප්‍රමාණයෙන් අයදුම්පත් 10,360ක වැඩ කටයුතු අවසන් කිරීමට පියවර ගෙන තිබෙන බව එහි ලේකම් ඩබ්.ඒ. සරත් කුමාර මහතා පවසනවා.

එම අයදුම්පත්වලට අදාළ ගෙවීම් කටයුතු ද බොහෝ ප්‍රමාණයක් දැනටමත් අවසන් කර ඇති අතර ඉතිරි අයදුම්පත් සම්බන්ධයෙන් ද අදාළ මුදල් ගෙවීම් කඩිනමින් නිරවුල් කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

එම කටයතු ඉදිරි සති කිහිපය තුළ අවසන් කිරීමට නියමිතව ඇති බවද සරත් කුමාර මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම වර්ෂය තුළ වෛද්‍යාධාර සඳහා රුපියල් මිලියන 1500කට ආසන්න මුදල් ප්‍රමාණයක් දැනටමත් ගෙවා අවසන් බව ද ඔහු පෙන්වා දෙනවා.

ජනාධිපති අරමුදල වෙත 2022-08-01 දින වන විට ලැබී තිබූ අයදුම්පත් 8210ක ප්‍රමාණයක වැඩකටයුතු සිදු නොකර ගොඩගැසී තිබු අතර, මෙම දෙසැම්බර් 31 දිනට පෙර එම අයදුම්පත්වලට අදාළ වැඩකටයුතු නිම කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ජනාධිපති අරමුදලේ නව ලේකම් ඩබ්ලිව්.ඒ. සරත් කුමාර මහතා වෙත ලබාදුන් උපදෙස් පරිදි එම කටයුතු කඩිනම් කර තිබෙනවා.

ඒ අනුව අයදුම් පත් 10,360ක වැඩකටයුතු මේ වන විට අවසන් කර තිබෙන අතර වර්ෂ අවසානයේ ලැබී ඇති හා විවිධ හේතු මත වැඩ අවසන් නොවූ අයදුම්පත්‍ර 642ක සම්බන්ධයෙන් ද අදාළ කටයුතු කඩිනමින් සිදු කරමින් පවතින අතර එම කටයුතු ඉදිරි සති කිහිපය තුළ අවසන් කිරීමට නියමිත බවයි සරත් කුමාර මහතා සඳහන් කළේ.

අසරණ රෝගීන් සඳහා වෛද්‍යාධාර ලබාදීම කඩිනම් කරන ලෙසත්, ගොඩගැසී ඇති අයදුම්පත් සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන බව ඔහු ප්‍රකාශ කළා.

2023 ජනවාරි මස සිට මෙම කටයුතු තවදුරටත් වේගවත් කර වෛද්‍යාධාර ලබාගැනීම සඳහා ජනාධිපති අරමුදල වෙත ලැබෙන අයදුම්පත් සම්බන්ධයෙන් ඉතා කෙටි කලක් තුළ වැඩ නිම කර අදාළ ගෙවීම් සිදු කිරීමත්, එමගින් අසරණ රෝගීන් සඳහා කඩිනම් සේවාවක් ලබාදීමටත් අපේක්ෂා කරන බවයි ලේකම්වරයා සදහන් කළේ.

දුර බැහැර රෝගීන්ට වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා නගර වෙත පැමිණීමට සිදුවීම අවම කර අදාළ පහසුකම් සැලසීම සඳහා ජනාධිපති අරමුදලේ දැනට ලියාපදිංචි කර ඇති රෝහල්වලට අමතරව නව රෝහල් ලියාපදිංචි කිරීමට ද කටයුතු කර තිබෙන බව ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම වෛද්‍යාධාර ලබාදීමේ දී සැත්කම් සහ ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් දැනට ගෙවනු ලබන මූල්‍යාධාර වැඩිකිරිම සඳහා අවශ්‍ය නි‍ර්දේශ ලබාගැනීමට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙන අතර, එම කමිටු නිර්දේශ ලද වහාම ගෙවනු ලබන වෛද්‍යධාර ප්‍රමාණයන් වැඩි කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව 2023 වර්ෂයේ මුල් මාස කිහිපය තුළ වෛද්‍යාධාර වශයෙන් ගෙවනු ලබන දීමනා වැඩි කිරිමටයි පියවර ගෙන ඇත්තේ.

එසේම වෛද්‍යාධාර ගෙවනු ලබන රෝග සංඛ්‍යාවට අමතරව තවදුරටත් වෛද්‍යාධාර ගෙවීම සිදු කළ යුතු රෝග තත්ත්වයන් පිළිබඳව ද අවශ්‍ය නිර්දේශ ලබාදෙන ලෙස එම කමිටුවට උපදෙස් දී තිබෙනවා.

එම උපදෙස් ලැබුණු වහාම අවශ්‍ය අනුමැතීන් ලබාගෙන ගෙවනු ලබන වෛද්‍යාධාර ප්‍රමාණය මෙන්ම වෛද්‍යාධාර ගෙවනු ලබන රෝග ලැයිස්තුව ද යාවත්කාලීන කිරීමට ද නියමිතයි.

ජනාධිපති අරමුදල් පනතේ අනුමත විධිවිධාන අනුව කරුණා සහගත දීමනාවන් සහ ආගමික කටයුතු වඩා වැඩිදියුණු කිරීම සඳහා රු.මිලියන 20ක් ද, ජනාධිපති අරමුදල වෙත ලැබෙන මුදලින් මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා රුපියල් මිලියන 1300ක පමණ මුදලක් ද වර්ෂය තුළ නිදහස් කර තිබෙනවා.

එසේම 2023 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි 2024 වර්ෂයේ දී අ.පො.ස (උ/පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් 3000කට මාසයකට රුපියල් 5,000 බැගින් පුරා වසර දෙකක කාලයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට ජනාධිපතිවරයාගේ උ‍පදෙස් පරිදි කටයුතු කර තිබෙන අතර දැනට එම සිසුන් තෝරා ගැනීමේ කටයුතු සිදුකරමින් පවතිනවා.

සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් එම අයදුම්පත් භාර ගැනිමේ අවසන් දිනය අදට (30) යෙදී තිබෙනවා.

වෛද්‍යධාර ලබා ගැනීම සඳහා ජනාධිපති අරමුදල වෙත අයදුම්පත්‍ර ඉදිරිපත් කරන මහජනයා මුහුණ දෙන ප්‍රවාහන හා වෙනත් ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන අයදුම්පත් භාර දුන් අවස්ථාවේ සිට මුදල් ගෙවීම සිදුකරන අවස්ථාව දක්වා එක් එක් අවස්ථාව ආවරණය වන පරිදි අවස්ථා 6ක දී කෙටි පණිවුඩ (SMS) යැවීමට කටයුතු කරනු ලබන අතර, මෙම කටයුතු 2023 වර්ෂයේ දී තවදුරටත් විධිමත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..ආලෝකට ලැබෙන ගෞරවය?
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24