spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියාවේ ආධිපත්‍ය අවාසනාවන්ත ලෙස ගිලිහී යයි

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය තුළ ආසියාවේ ආධිපත්‍ය පැතිරූ කණ්ඩායමේ දෙකටම තරගාවලියෙන් ඉව‍තව යන්නට ඊයේ (05) රාත්‍රියේ අවාසනාවන්ත ලෙස සිදු වුණා.

ඒ, ඊයේ පැවති තරග දෙකෙන් ක්‍රෝඒෂියාව කණ්ඩායම සහ ප්‍රබල බ්‍රසීල කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟයි.

සුපිරි 16 වටයේ ඊයේ පැවති තරග දෙකෙන් පළමු තරගය පැවැත් වුණේ ජපාන කණ්ඩායම සහ ක්‍රෝඒෂියා කණ්ඩායම අතරයි.

මෙම තරගයේ නියමිත කාලය තුළ කණ්ඩායම් දෙකම එක් ගෝලය බැඟින් ලබාගෙන සම තත්ත්වයේ පසු වුණා.

ඒ, අනුව ජයග්‍රාහකයින් තෝරා ගැනීම සඳහා අතිරේක කාලයක් ද ලබාදීමටයි තීරණය කළේ.

එම අමතර කාලය තුළදීත් ගෝල රැස් කිරීමට දෙපිළටම හැකියාවක් ලැබුනේ නැහැ.

ඒ, අනුව දඩුවම් පහර මඟින් මෙම තරගයේ ජය පරාජය තීරණය කිරීමටයි විනිසුරුවරුන් කටයුතු කළේ.

එහිදී දඬුවම් පහර තුනට එකක් ලෙස සාර්ථක කරගත් ක්‍රෝඒෂියාව පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.

මේ අතර ඊයේ (05) පැවති දෙවන තරගයේ දී දකුණු කොරියාව තරග බිමට පිවිසියේ ප්‍රබල බ්‍රසීල කණ්ඩායමට එරෙහිවයි.

එහිදී ලෝක කුසලාන තරගාවලියේ දී බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ දකුණු කොරියාව පරාජය කරමින්.

බ්‍රසීලය වෙනුවෙන් මෙම තරගයේ දී ගෝල 04ක් වාර්තා වූ අතර, දකුණු කොරියාව වෙනුවෙන් වාර්තා වුණේ එක් ගෝලයක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?