2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියාවේ ආධිපත්‍ය අවාසනාවන්ත ලෙස ගිලිහී යයි

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය තුළ ආසියාවේ ආධිපත්‍ය පැතිරූ කණ්ඩායමේ දෙකටම තරගාවලියෙන් ඉව‍තව යන්නට ඊයේ (05) රාත්‍රියේ අවාසනාවන්ත ලෙස සිදු වුණා.

ඒ, ඊයේ පැවති තරග දෙකෙන් ක්‍රෝඒෂියාව කණ්ඩායම සහ ප්‍රබල බ්‍රසීල කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟයි.

සුපිරි 16 වටයේ ඊයේ පැවති තරග දෙකෙන් පළමු තරගය පැවැත් වුණේ ජපාන කණ්ඩායම සහ ක්‍රෝඒෂියා කණ්ඩායම අතරයි.

මෙම තරගයේ නියමිත කාලය තුළ කණ්ඩායම් දෙකම එක් ගෝලය බැඟින් ලබාගෙන සම තත්ත්වයේ පසු වුණා.

ඒ, අනුව ජයග්‍රාහකයින් තෝරා ගැනීම සඳහා අතිරේක කාලයක් ද ලබාදීමටයි තීරණය කළේ.

එම අමතර කාලය තුළදීත් ගෝල රැස් කිරීමට දෙපිළටම හැකියාවක් ලැබුනේ නැහැ.

ඒ, අනුව දඩුවම් පහර මඟින් මෙම තරගයේ ජය පරාජය තීරණය කිරීමටයි විනිසුරුවරුන් කටයුතු කළේ.

එහිදී දඬුවම් පහර තුනට එකක් ලෙස සාර්ථක කරගත් ක්‍රෝඒෂියාව පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.

මේ අතර ඊයේ (05) පැවති දෙවන තරගයේ දී දකුණු කොරියාව තරග බිමට පිවිසියේ ප්‍රබල බ්‍රසීල කණ්ඩායමට එරෙහිවයි.

එහිදී ලෝක කුසලාන තරගාවලියේ දී බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ දකුණු කොරියාව පරාජය කරමින්.

බ්‍රසීලය වෙනුවෙන් මෙම තරගයේ දී ගෝල 04ක් වාර්තා වූ අතර, දකුණු කොරියාව වෙනුවෙන් වාර්තා වුණේ එක් ගෝලයක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18
Video thumbnail
නාමල්ගේ උපදෙස් අපිට ඕනේ නෑ.. නාමල් කතාකරන්නේ මොන කටින් ද?
02:17
Video thumbnail
දිලිත් සෙනෙහසෙන් ආණ්ඩුවෙන් ඉල්ලපු දේ.. ආණ්ඩුව ලොකුවට වරද්දගෙන ඉන්නේ
08:49
Video thumbnail
මට මේ රජය යන්න කිව්වේ නෑ..මම කිසිම දේශපාලනයක් කරන්නේ නෑ - උදව් ඉල්ලුවොත් මම දෙනවා
03:34
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?ගුරුවරයාගෙන් චෝදනාවක්..අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අධිකරණ ඇමති හරියට වගකීම ඉටුකරනවා
08:42
Video thumbnail
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයෙන් සමුගත්ත මහින්ද සමරසිංහ -
05:49