2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉපැයූ වාර්තාගත ආදායම හෙළිකරයි

කටාර්හිදී නිමා වූ 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වාණිජ ගනුදෙනු වලින් පෙර නොවූ විරූ ආදායමක් උපයා ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය තුළ උපයා ඇති සමස්ත අදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් බවයි FIFA ඊයේ දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් 2022 කටාර් ලෝක කුසලානයට පෙර වසර හතර සඳහා ඩොලර් බිලියන 4.7 ක පමණ මුළු ආදායමක් මීට පෙර පුරෝකථනය කර තිබුණා.

කටාර් ලෝක කුසලානයේ වාණිජ ගනුදෙනු හරහා දළ වශයෙන් ලැබූ ඇමරිකානු ඩොලර් බිලියන 7.5 ක අදායම පසුගියවර රුසියාවේ පැවති තරගාවලියේ දී (2018) ඉපැයූ ආදායමට වඩා ඩොලර් බිලියනයක වැඩිවීමක්.

FIFA සිය ආදායමෙන් වැඩි ප්‍රමාණයක් මූලාශ්‍ර කිහිපයක් ඔස්සේ ලබාගෙන ඇති අතර, රූපවාහිනී විකාශන අයිතිය, අලෙවිකරණ අයිතීන්, සත්කාරක අයිතිවාසිකම් සහ ප්‍රවේශපත්‍ර අලෙවිය එම මූලාශ්‍ර කිහිපයක්.

මෙම මුළු ඉපැයීම්වලින් විශාලතම දායකත්වය ලැබී ඇත්තේ රූපවාහිනී විකාශන අයිතීන් පිරිනැමීමෙන් ලද ආදායමයි.

මේ අතර මූලික වශයෙන් විකාශන සහ අනුග්‍රාහක ගිවිසුම් මෙන්ම NFL ක්‍රීඩාංගන කිහිපයක පැවැත්වෙන තරඟයකදී ප්‍රවේශපත්‍ර අලෙවිය සහ ආගන්තුක සත්කාරය ඔස්සේ 2026 ලෝක කුසලානය සඳහා 50%කට ආසන්න ආදායමක් FIFA අපේක්ෂා කරනවා.

ඒ අනුව එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාව යන උතුරු ඇමරිකානු රටවල් තුනක් විසින් සත්කාරකත්වය දරණ 2026 ලෝක කුසලානය පාපන්දු තරගාවලියේ දී ඇමරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක් ඇස්තමේන්තු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25