19 හැවිරිදි තරුණියගේ පිහි පහරින් විවාහක තරුණයා මරුට

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් වීරසේකරගම ප්‍රදේශයේ දී තරුණියක් එල්ල කළ පිහි ප්‍රහාරයකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වයස අවුරුදු 19ක තරුණියක් විසින් එල්ල කළ මෙම පිහි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 31ක තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා නීත්‍යානුකූලව විවාහ වී නොමැති නමුත් අඹුසැමියන් ලෙස වීරසේකරගම ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන එහි ජීවත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනා අතර ඊයේ (26) රාත්‍රියේ සිදු වූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි විවාහක අයෙක් බවයි වාර්තා වන්නේ.

ඝාතනයට සම්බන්ධ සකකාර තරුණිය හල්දුම්මුල්ල, සොරගුනේ ප්‍රදේශයේ පදිංචිකරිනියක් වන අතර,ඇය වැල්ලවාය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණිය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැප්ටන් වීම ගැන ධනංජය හරිම සතුටින් කිව්ව දේ - දික්වැල්ලට, ධනංජයගෙන් උපදෙස්
04:08
Video thumbnail
කඩුලු රැකීමේ දී දිකවැල්ල ඉදිරියෙන් ඉන්නවා - හොඳ තරගයක් දෙන්න පුළුවන්
02:45
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19