18 දක්වා රිමාන්ඩ් කර සිටින නාමල් ලබන 16 වනදා කොටුව උසාවියට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේ දී සිදුවූයේ යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

නීතිපති උපදෙස් සහ ඒකාබද්ධ විමර්ශනයක් අනුව එයාර්බස් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

නීතිපතිවරයාගේ උපදෙස් මත අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ මෝසමකට අනුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවට ද ඔහුව සැකකරුවෙකු ලෙස ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව, දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සැප්තැම්බර් 16 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (14) නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57