17 හැවිරිදි දැරිය බාලවයස්කාර පෙම්වතා සමඟ එක්ව මව ඝාතනය කරලා

මිතුරන් සමඟ එක්ව සිය මව ඝාතනය කර එම අපරාධය සියදිවි නසා ගැනීමක් ලෙස ඇඟවීමට උත්සාහ කළ 17 හැවිරිදි දැරියක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ දැරිය ඇගේ පෙම්වතා සහ පිරිමි මිතුරන් සමඟ එක්ව උත්තරහල්ලි හි නිවස තුළ දී මව ඝාතනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය ඔක්තෝබර් 25 වනදා මෙම අපරාධය සිදුකර ඇති අතර, තුවායකින් මවගේ ගෙල සිරකර මරාදමා, පසුව සියදිවි නසා ගැනීමක් ලෙස පෙන්වීමට සාරියක් භාවිත කර ඇගේ සිරුර සිවිලිමේ විදුලි පංකාවක එල්ලා ඔවුන් පලාගොස් ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

තම දියණිය තම නිවසට නිතර යන එන පිරිමි ළමයෙකු සමඟ සම්බන්ධයක් පවත්වන බවට මව විසින් මෑතකදී තොරතුරු හෙළිකරගෙන තිබෙනවා.

එහිදී මව ඊට විරුද්ධ වී ඔහුගෙන් ඈත්ව සිටින ලෙස දැරියට අවවාද කර තිබූ බව ද සඳහන්.

මොවුන් දෙදෙනා එකිනෙකා මුණගැසී ඇත්තේ දැරියගේ ඥාති සහෝදරයා හරහා බවයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් පවසන්නේ.

අපරාධය සම්බන්ධයෙන් දැරිය සහ ඇගේ පෙම්වතා සමඟ තවත් බාලවයස්කරුවන් හතරදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33