16 හැවිරිදි දැරියක් කපා කොටා දැමූ 26 හැවිරිදි තරුණයා සොයා පොලිස් මෙහෙයුම්

16 හැවිරිදි දැරියක් තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදු කළ බවට බව කියන 26 හැවිරිදි තරුණයෙකු සොයා දඹුල්ල පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මෙම දැරිය මීට දින දෙකකට ඉහතදී දඹුල්ල පන්නම්පිටිය මැනික්දෙන ප්‍රදේශයේ ඇයගේ නිවස තුළදීම මෙම දරුණු ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තාවන්නේ.

මව පියා අහිමි මෙම දාසය හැවිරිදි දැරිය සිය මිත්තණිය සමග එම නිවසේ ජීවත්වන බවටයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කළ දැරිය පැය 10කට අධික කාලයක් සැත්කමකට ලක්කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

පහරදී  පලාගොස් ඇති තරුණයා මාතලේ මහවෙල ප්‍රදේශයේ පදිංචි බදුල්ල ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතු වල නිරතවන තරුණයකු බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මෙම දැරිය පදිංචිව සිටින ප්‍රදේශයේ නිවසක උත්සවයකට සැකකාර තරුණයා පැමිණි අවස්ථාවක එම නිවැසියන් මෙම දැරියට තරුණයා විවාහ කරදීම සඳහා යෝජනාවක් කළ බවත් ඒ අනුව නිතර නිතර සැකකාර තරුණයා මෙම දැරිය හමුවීමට පැමිණ සිටියද එම් යෝජනාව දැරිය විසින් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පහර කෑමට ලක් වූ බවයි දැරියගේ මිත්තණිය පැවසුවේ.

දැරියගේ හිස්කෙස්ද කපා දැමූ සැකකරු තියුණු පිහියක් ද අතැතිව පලාගිය බවයි මිත්තණිය වැඩිදුරටත් පැවසුවේ.

ප්‍රහාරයෙන් දැරියගේ අතේ ඇඟිල්ලක් අහිමිවී ඇති අතර ඇයගේ පිටෙහි සහ ගෙළ ප්‍රදේශයේ දරුණු කැපුම් තුවාල ඇතිවී තිබෙනවා.

මෙම පවුලේ අසරණකම උපයෝගී කරගනිමින් වයස අවුරුදු විසිහයක් වූ තරුණයෙකුට මෙම බාලවයස්කාර දැරිය විවාහ කර දීම සඳහා දෑස් නොපෙනෙන මිත්තණියට බලපෑම් කළ තරුණයාගේ ඥාතීන් පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන බව දඹුල්ල මුලස්ථාන පොලිසිය විසින් මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.දඹුල්ල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිටත් සැකකාර තරුණයා සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙංකඩගල අවසන් රන්දෝලි පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක් - පෙරහර සංදේශය ජනපතිට ලබාදීමේ උත්සවය හෙට
02:45
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ? "මාලිමාවේ සභාපති තමයි මේ සේරම කරන්නේ"
08:51
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය - දිරවන්නේ නැතුව සත්තු වේදනා විදිනවා..වසුරුවල සෑහෙන ෂොපින්
03:19
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01