16 සිසුවා රැගෙන තරුණ ගුරුවරිය 60පාරක් හෝටලයට ගිහින්

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවකුට වසර 4 ක් තිස්සේ ලිංගික අපයෝජන සිදුකළ එම විදුහලේම 34 හැවිරිදි විවාහක ගුරුවරියක් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ (10 වැනිදා) නියෝග කළාය.

වාර්ෂික ක්‍රිකට් තරගයකදී අදාළ ගුරුවරිය සහ එවකට 16 හැවිරිදි වියේ පසුවූ සිසුවා හඳුනාගෙන තිබේ. ඉන් අනතුරුව ‘වට්ස්ඇප්’ මාර්ගයෙන් නිතරම දෙදෙනා කතාබස් කර තිබෙන බව දන්වා සිටි පොලිසිය පාසලේ පරිගණක කාමරය තුළදී සහ විවිධ ස්ථාන රැසකදී ගුරුවරිය දරුවා ලිංගික කටයුතු සඳහා පොළඹවාගෙන අපයෝජන සිදුකර ඇතැයි ද දන්වා සිටියේය.

මෙම ගුරුවරිය අදාළ දරුවා සමග ගල්කිස්සේ ප්‍රධාන හෝටලයකට 60 වතාවක් පමණ ගොස් තිබෙන බව අනාවරණය වී ඇතැයි දන්වා සිටි පොලිසිය එහිදී හෝටලයට ඇතුළුවීම සඳහා දී ඇත්තේ ගුරුවරියගේ ජාතික හැඳුනුම්පත බවද අධිකරණයට දන්වා සිටියේය.
මේ වනවිට මෙම සිසුවාගේ වයස අවුරුදු 20 ක් බවද අනාවරණය විය. සැකකාර ගුරුවරිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියම කළාය.

  1. වයස අවුරුදු 16 වැඩි නම් දෙදෙනා කැමැත්තෙන් නම් ගියේ එය නිත්‍යානුකුලයි. නමුත් සදාචාරය පිලිබඳ ගැටළුවක් තියෙනවා ගුරුවරිය හා ගෝලයා නිසා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23