15 හැවිරිදි දැරිය මිලට ගත් දේශපාලඥයෙකු සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු පොලිස් අත්අඩංගුවට

15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව එම දැරිය ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මෙම සැකකරුවන් තිදෙනා අතර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සහ එම සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ පුද්ගලයකු ද සිටින බවයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

සැකකරුවන් තිදෙනා සමඟ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 21ක් දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පිරිස අතර දැරියගේ මව සහ මවගේ අනියම් සැමියා ද සහ චිවරධාරියෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේදී අත්අඩංගු වට ගනු ලැබූ සැකකරුවන් තිදෙනා අද දිනයේදී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ප්‍රධාන සැකකරු විසින් මෙම දැරිය මාස 03 ක කාලයක් රුපියල් 10,000-30,000 අතර මුදලට අලෙවි කොට ඇති බවයි පොලිස් විමර්ෂණ වලදී කරුණු අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14