15 හැවිරිදි දැරියකට අතවර කළ ගුරුවරයෙක් රිමාන්ඩ්

වයස අවුරුදු 15 ක් වන බාලයස්කාර පාසල් දැරිවියක් දුෂණය කළ බව කියන උපකාරක පන්ති ගුරුවරයෙකුව පන්නල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සැකකරු දංකොටුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙකි.පන්නල ප්‍රදේශයේ පාසලක සිසුවියක් සතුව තිබී උපත් පාලන පෙති කීපයක් එම පාසලේ ගුරුවරියක් විසින් සොයා ගෙන ඇත.උපත් පාලන පෙති ළග තබා ගැනීමට හේතුව සොයා බැලීමේදී මූලික කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය සදහන් කරයි.

උපත් පාලන පෙති ළග තබා ගැනීමට හේතුව මුලින් දැරිවිය විසින් හෙලි කර නොමැති අතර,පසුව ඇයව කුලියාපිටිය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කර ඇත.එම අවස්ථාවේදී සත්‍ය තත්ත්වය හෙලිවූ බවද පොලීසිය මහේස්ත්‍රාත්වරයා හමුවේ කියා සිටියේය.

සැකකරු අවස්ථා කීපයකදීම තමන් සමග අඹු – සැමි සම්බන්ධතා පැවැත්වූ බව අතවරයට පත්ව ඇති දැරිවිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවේ පවසා ඇත.

සැකකරු වෙන්නප්පුව,දංකොටුව වැනි ප්‍රදේශ වලද උපකාරක පන්ති පවත්වන බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.ඒ අනුව දංකොටුව ප්‍රදේශයේ උපකාරක පන්තියක් පවත්වා ගෙන යමින් සිටින අතරතුර පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

සැකකරු සහ දුෂණයට ලක්ව ඇති පාසල් සිසුවිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබූ බව සැකකාර උපකාරක පන්ති ගුරුවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චම්පික ලසිත කුමාර මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.අධිකරණය හමුවට ඉදිරිපත් වන සියළුම ස්ත්‍රී දුෂණ සිදුවී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කරගෙන බව පැවසෙන බවත්,එය පුදුම සහගත ක්‍රියාවක් බව තමන්ට හැගී යන්නේ යැයි මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා විවෘත අධිකරණය හමුවේ කියා සිටියේය.

එමෙන්ම සැකකරු විසින් පවත්වා ගෙන ගිය අනෙකුත් උපකාරක පන්ති වලට සහභාගිවූ දැරිවියන් සම්බන්ධයෙන්ද සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.

සැකකරුට කොන්දේසි මත ඇප ලබා දෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කරන ලදි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51


?