15 හැවිරිදි දැරියගේ මවගේ පැමිණිල්ලට 21 හැවිරිදි යුද හමුදා සෙබළා අත්අඩංගුවට

තම 15 හැවිරිදි දියණියගේ ඡායාරූප යොදාගෙන මුහුණු පොත හරහා තරුණයකු සමඟ කලක සිට සංවාදයේ (Chat) යෙදුණු මවක් එම තරුණයා විසින් තමාගේ දියණිය දූෂණය කළ බව පවසමින් පොලිසියේ පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුව අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මතුගම මූලස්ථාන පොලීසිය විසින් සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 21 හැවිරිදි යුද හමුදා සෙබළෙක් බවයි වාර්තා වුණේ.

තම දියණියගේ පෙම්වතා ඇයව දූෂණය කර, අතහැර ගොස් ඇති බව පවසමින් අගලවත්ත ප්‍රදේශයේ කාන්තාවක් විසින් මතුගම මූලස්ථාන පොලිසිය වෙත අදාළ පැමිණිල්ල සිදුකර තිබුණා.

එහිදී පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් දැරිය ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඇය පවසා ඇත්තේ.

මුහුණු පොතේ තමන්ගේ ගිණුම හරහා තම මව, තරුණයකු සමඟ කලක සිට සංවාදයේ (Chat) යෙදුණු බවයි.

එමෙන්ම මව විසින් තමන්ගේ සහ තරුණයෙකුගේ ඡායාරූප මුහුණු පොතේ පළ කර තිබූ බවත් දැරිය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

ඒ, පිළිබඳව තමන් මවගෙන් විමසූ බවත් එම අවස්ථාවේ දී තමන්ට පාඩුවේ සිටින ලෙසත් පැවැසූ බවයි දැරිය පොලිසියට පවසා ඇත්තේ.

එහිදී තමා ලෙස පෙනී සිටිමින් මව විසින් මෙලෙස අදාළ තරුණයා සමඟ සංවාදයේ නියැලෙන ආකාරය නිරීක්ෂණය වූ බවත් ඇය පවසා තිබෙනවා.

ඒ, අනුව පසුගිය ඇසළ පොහෝ දිනයේ මතුගම නගරයේ ප්‍රදර්ශණය කළ තොරණ නැරඹීම මව විසින් තමන්ව කැඳවාගෙන ගිය බවත් එම අවස්ථාවේ දී තරුණයා ද එම ස්ථානයට පැමිණ සිටි බවත් දැරිය පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්.

ඒ, අනුව එදින එම තරුණයාව තමා මුලින්ම දුටු බවත් එදින ඔහු සමඟ කතා කිරීමෙන් අනතුරුව ඔහු කළ ආරාධනාවක් අනුව පැලවත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවසට ගිය බවයි දැරිය පොලිසියට පවසා ඇත්තේ.

එහිදී එම තරුණයා සමඟ ලිංගිකව හැසිරුණු බවත්, පසු දිනෙක එම තරුණයා තම නිවසට පැමිණි බවත් ඇය පොලිසියට පවසා තිබෙනවා.

එයින් අනතුරුව තමා ඔහු සමඟ දුරකථනයෙන් කතා නොකළ ද මව දිගින් දිගටම ඔහු සමඟ සංවාදයේ (Chat) යෙදීමට පුරුදු වී සිටි බවයි දැරිය පොලිසියට වැඩිදුරටත් පවසා ඇත්තේ.

අදාළ තරුණයා නිවසට පැමිණි අවස්ථා කීපයකදී ඔහු සමඟ ලිංගිකව සබඳතා පැවැත්වූ බව දැරිය පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්.

එම තරුණයා සමඟ එලෙස සංවාදයේ (Chat) යෙදෙන්නේ තම මව බව තරුණයා නොදැන සිට ඇති අතර, දැරිය ඒ පිළිබඳ  ඔහුට පවසා මවගේ දුරකථන අංකය අක්‍රීය කරන ලෙස ඉල්ලා තිබෙනවා.

එලෙස මව තරුණයා සමඟ දැරිය ආකාරයෙන් සංවාදයේ (Chat) යෙදුනු අවස්ථාවක දී දැරියගේ පිරිසුදුකම නොතිබීම සම්බන්ධයෙන් විමසා ඇති අතර අනතුරුව අදාළ කරුණ පිළිබදව මව දැරියගෙන් විමසා ඇති බවයි අනවරණය වී ඇත්තේ.

එම සිද්ධියත් සමඟ තරුණයා තමා මඟ හැරීමට කටයුතු කිරීම හේතුවෙන්  මව තමන්ව පැමිණිල්ලක් සඳහා පොලිසිය වෙත රැගෙන ආ බව දැරිය පවසා තිබෙනවා.

ඒ, අනුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, දැරිය මීට පෙර සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නාගොඩ රෝහල වෙත යොමුකර ඇති බව මතුගම පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
11
+1
28
+1
12
+1
10
+1
7
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38