spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

14 වනදා රාත්‍රී 12.00න් පසු ශිෂ්‍යත්ව විභාගය සඳහා වන උපකාරක පංති තහනම්

එළඹෙන 14 වනදා මධ්‍යම රාත්‍රී 12.00න් පසු 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා වන උපකාරක පංති පැවැත්වීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව එම තහනම ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන තුරු පමණක් වලංගුවන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම තහනම පනවා ඇත්තේ 1927/49 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මඟින් සංශෝධිත 1968 අංක 25 දරණ ප්‍රසිද්ධ විභාග පනතෙහි 22 වගන්තිය යටතේ නියෝග ප්‍රකාරවයි.

විභාග අපේක්ෂයින් සඳහා උපකාරක පංති සංවිධානය කිරීම, එම පංති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන සහ සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදාහැරීම ආදිය ඒ අනුව තහනම් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?