spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

11 හැවිරිදි සහෝදරයා වායු රයිෆලයකින් තැබූ වෙඩි පහර නැඟණියගේ උගුර පසාරුකරගෙන ගිහින්

සහෝදරයා විසින් වායු රයිෆලයකින් තැබූ වෙඩි උණ්ඩයක කැබැල්ලක් අවුරුදු 02ක් වයසැති ඔහුගේ නැඟණියගේ උගුරට වැදී බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කළ පුවතක් පස්යාල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එකොළොස් හැවිරිදි සහෝදරයා විසින් වායු රයිෆලයෙන් බිත්තියට තැබූ උණ්ඩයක කැබැල්ලක් මෙසේ දැරියට වැදී ඇති බවයි වාර්තා වන්නේ.

පස්යාල, දෙමටදෙණිකන්ද ප්‍රදේශයේ දැරියකුයි මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇත්තේ.

උණ්ඩයේ කොටසක් දැරියගේ උගුරු පසාරුකරගෙන ගොස් ඇති අතර, දැරිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?