spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

1000CC කාණ්ඩයේ යතුරුපැදි 6ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට (විඩියෝ)

ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට හෝ මාර්ගවල ධාවනය කිරීමට නීතිමය අවසරයක් නොමැති 1000CC කාණ්ඩයේ යතුරුපැදි 6ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් වැලිවේරිය හේනේගම ප්‍රදේශයේ පුද්ගලයකු සතුව සහ ගරාජයක තිබියදීයි මෙම යතුරුපැදි සොයාගෙන ඇත්තේ.

මෙම යතුරුපැදිවල වටිනාකම රුපියල් ලක්ෂ 400කට අධික බව සඳහන්. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ විදේශ රටකින් කොටස්කර රැගෙන ආ මෙම යතුරුපැදි ශ්‍රී ලංකාව තුල එකලස් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

https://youtu.be/gwjMRB-f38k
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?