100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් – නිදහස් දින පණිවුඩය නිකුත් කරමින් ජනපති කියයි

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දිනය අදට යෙදී තිබෙනවා.

ඒ, වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ නිදහස් දින පණිවුඩයක් නිකුත්කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නිදහස් දින පණිවුඩය පහතින්.

75 වන ජාතික නිදහස් දිනය සමරන මේ අවස්ථාව අපට අතිශයින් ම තීරණාත්මක සහ අභියෝගාත්මක කාලයකි.

පසුගිය වසර 75 පුරා අප විසින් දිනාගන්නා ලද දෙයට වඩා අහිමි කරගන්නා ලද දේ බොහෝ ය. එලෙස අහිමි වූ දේ ළඟා කර ගැනීම සඳහා ලෝක ආර්ථිකයේ සැලකිය යුතු තරම් විශාල පංගුවක් අත්පත් කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සැලසුම් කිරීම මේ වසරේ අපගේ මූලික අභිප්‍රාය යි.

ඒ, සඳහා වූ නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ අප දැන් රට හමුවේ තබා ඇත. ප්‍රෞඩ ජාතියක් වූ ශ්‍රී ලාංකීය ජාතියේ අතීත ශක්තීන් නැවත මෙනෙහි කරමින් සහ නවීන තාක්ෂණය සමග එක් ව තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පියනැගිය යුතු වෙමු.

2023 වසරේ 75 වන නිදහස් දින සැමරුමෙන් ඇරඹෙන මෙම නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මඟ 2048 වසරේ සමරන 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කිරීම මගේ රජයේ මූලික අරමුණයි. 100 වන නිදහස් සැමරුම් දිනයේ දී පුරවැසියන්ගේ සියලු මූලික අවශ්‍යතා සපිරුණු, ඉහළ ආර්ථික සමෘද්ධියක් අත්කරගත්, ගෝලීය ප්‍රාග්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වූ නව ශ්‍රී ලංකාවක් නිර්මාණය වනු ඇතැයි මම විශ්වාස කරමි. ඒ උදෙසා අද ගත යුතු පියවර නො බියව ගන්නා බව ප්‍රකාශ කරමි. ඔබගේ විශ්වාසයත්, ආශිර්වාදයත් ඒ සඳහා මම බලාපොරොත්තු වෙමි.

නොබැඳි නමුත් තීරක බලයක් ඇති, නො සැලෙන, දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සෙවීම වැනි තිරසර අභිලාෂයන් සහිත නව විදේශ ප්‍රතිපත්තියක් අපි දැන් ක්‍රියාත්මක කරමින් සිටිමු. ලෝකයේ සියලු ජාතීන් සමග එකමුතුව කටයුතු කළ හැකි ශ්‍රී ලාංකිකයන් ලෙස නව නිදහස් වෙළෙඳ ගිවිසුම් කෙරෙහි ද අපි නැඹුරු වෙමින් සිටිමු.

ලොව පුරා වාසය කරන ශ්‍රී ලාංකික ජනතාව අපේ රටේ උන්නතිය උදෙසා ලබාදෙන දායකත්වය මම කෘතඥතා පූරකව සිහිපත් කරමි. අපේ තරුණ ප්‍රජාව නව ව්‍යාපාර ඇරඹීමට උචිත අදහස් වලින් පෝෂණය වී ඇති නමුත් ප්‍රාග්ධන හිඟකම ගැටළුවක් ව පවතී. අපේ තරුණ පරපුරේ එවැනි නව සංකල්ප සඳහා ආයෝජනය කිරී‍මේ හැකියාව විදෙස්ගත ශ්‍රී ලාංකීකයන්ට ඇත. එබැවින් මෙරට සිටින තරුණ ප්‍රජාව සහ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් නව ව්‍යාපාරික සංකල්ප ඔස්සේ අනාගත ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා ක්‍රියාකරනු ඇතැයි මම විශ්වාස කරමි.

ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක මේ කාල වකවානුවේ දී වඩාත් ඉවසුම් සහගතව සහ අධිෂ්ඨානශීලීව ක්‍රියා කරමින් මෙම නව ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළට දායක වන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් මම ඉල්ලා සිටිමි.

දියුණු සමාජ ආර්ථික සහ දේශපාලන අවකාශයක සැබෑ නිදහස අත්විඳින ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපි කැප වෙමු.”

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2023 පෙබරවාරි මස 04 වන දින



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23