10 වැනි පාර්ලිමේන්තුවේ කතානායක පුටුව ආචාර්ය අශෝක රංවලට ?

වර්ෂ 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව රැස්වන අතර එහි පළමු කතානායකවරයා ලෙස දැදිගම ආසනය නියෝජනය කරමින් ඒ. එෆ්. මොලමු‌රේ මහතා තේරී පත් වුණා.

එදා සිට අද දක්වා මෙරට ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවේ කතානායකවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ රැස් වී තිබෙනවා.

මෙතෙක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ කතානායකවරු 26 දෙනෙකු කටයුතු කර තිබීම දැකිය හැකියි.

අද (21) පෙරවරු 10ට රැස්වන 10 වැනි පාර්ලිමේන්තුවේ කතානායක අසුන ද සුපුරුදු පරිදි ආණ්ඩු පක්ෂයෙන් නියෝජිතයෙකුට හිමිවනු ඇති.

ඒ අනුව ජාතික ජන බලවේගය විසින් 10 වැනි පාර්ලිමේන්තුවේ 27 වැනි කතානායකවරයා ලෙස ආචාර්‍යය අංශෝක රංවල මහතා පත් කිරීමටයි යෝජනා කර ඇති බවට අභ්‍යන්තර පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීම සම්ප්‍රදායයි.

පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව අද පස්වරුවේ නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ද දිවුරුම්දීමට නියමිත ව තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීමට නියමිත අතර නියෝජ්‍ය අමාත්‍ය ධුර 27කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදී පිරිනැමීමට නියමිත බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28