09 වැනි පාර්ලිමේන්තුවේ අසුන් හිස්වීම් 19ක් – රැස් වූ දින ගණන 390ක් (ඡායාරූප)

09 වැනි පාර්ලිමේන්තුවේ අසුන් හිස්වීම් 19 ක්, වාර අවසාන කිරීම් 4ක් සහ රැස්වූ දින ගණන 390ක් බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ 2020 අගෝස්තු 20 වැනි දින පළමු රැස්වීමෙන් ආරම්භ වී සැප්තැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනො පාර්ලිමේන්තුව පැවති,මෙම කාලසීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මන්ත්‍රී ධුර 19 ක පුරප්පාඩු ඇති වූ බවයි.

එය අවස්ථා 18 ක දී මන්ත්‍රීවරුන් 16 දෙනෙකු නව වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස
පත්වී තිබෙනවා.

මන්ත්‍රීවරුන් 241ක් මෙම පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති බවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වූ අතර ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා පත් කෙරුණා.

අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුවට නැවතත් ජයන්ත කැටගොඩ මහතා පත් කිරීමටයි කටයුතු කෙරුණේ.

මේ අයුරින්ම මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ අසුන සඳහා ඒ. එච්.එම්. ෆවුසි මහතා තේරී පත්වූ අතර අධිකරණ තීන්දුවක් අනුව පුරප්පාඩු වූ ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු අසුන සඳහා නැවතත් මුජිබර් රහුමාන් මහතා
පත් කර ගත්තා.

කෙසේ වුව ද පුරප්පාඩු වූ හරීන් ප්‍රනාන්දු මහතාගේ මන්ත්‍රී ධුරය සඳහා නව මන්ත්‍රීවරයකු පත් කෙරුණේ නැහැ.

සුවිශේෂී කාරුණු රැසක් හේතුවෙන් වඩාත් ජනතා අවධානයට ලක් වූ 09 වැනි පාර්ලිමේන්තුවේ සිදු වූ සුවිශේෂීම සිදුවීමක් වූයේ මෙරට 7වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරා පත්වීමයි.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වෙනුවට නව මන්ත්‍රීවරයෙකු පත් වීම ඇතුළුව නව මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත් ව ඇති බවයි පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම් 4කට ලක් ව ඇති අතර මින් පළමු වාර අවසාන කිරීම් දෙක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කෙරුණා.

තෙවැනි සහ සිව් වැනි වාර අවසාන කිරීම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කෙරුණු අතර නවවැනි පාර්ලිමේන්තුවේ සභාවාර 5ක් පැවතියා.

පළමු සභාවාරය 2020.08.20 දින සිට 2021.12.12 දක්වාත්, දෙවැනි සභාවාරය 2022.01.18 දින සිට 2022.07.28 දක්වාත්, තෙවැනි සභාවාරය 2022.08.03 දින සිට 2023.01.27 දක්වාත්, සිව් වැනි සභාවාරය 2023.02.08 දින සිට 2024.01.26 දක්වාත් පස්වැනි සභාවාරය 2024.02.07 සිට 2024.09.24 දින පාර්ලිමේන්තුව විසුරුවාහැරීම දක්වාත් ක්‍රියාත්මක වී තිබෙනවා.

එසේම මෙම සභාවාර 5 තුළ පාර්ලිමේන්තුව දින 390ක් රැස් වී තිබීම ද විශේෂත්වයක්.

15p


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57