spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

08 හැවිරිදි දියණියගේ ගෙළ කපා මහාචාර්යවරයාත් දිවි නසාගෙන

හර්යානා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයක කාර්යාලක් තුළ තිබී එම විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු සහ ඔහුගේ දියණියගේ සිරුරු ඊයේ (10) සවස සොයාගෙන තිබෙනවා.

මහාචාර්යවරයා විසින් සිය 08 හැවිරිදි දියණියගේ ගෙළ ශල්‍ය බ්ලේඩ් තලයකින් කපා ඔහු ද එම බ්ලේඩ් තලයෙන්ම ගෙළ කපාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සන්දීප් ගෝයල් නැමැති මෙම මහාචාර්යවරයා මෙම අපරාධය සිදුකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඔහු මානසික අවපීඩනයෙන් පසු වූ බවට ඔහුගේ සගයන් විසින් පොලිසියට පවසා තිබෙනවා.

මෙම මහාචාර්යවරයා සිය දියණිය සමඟ ඊයේ (1) සවස 4.00 ට පමණ නිවසින් පිටව ගොස් ඇත්තේ දියණිය සමඟ සිට ස්කූටරය පදින්නට යන බවට බිරිඳට පවසමින්.

පැය කිහිපයක් ගියත් ඔවුන් ආපසු නිවසට නොපැමිණීමත් සමඟ ඔහුගේ බිරිඳ ඔවුන් සොයා විශ්වවිද්‍යාලයට ගොස් තිබෙනවා.

එහිදී මහාචාර්යවරයාගේ ස්කූටරය පශු වෛද්‍ය ශල්‍ය හා විකිරණ දෙපාර්තමේන්තුවෙන් පිටත නවතා ඇති බව ඇය දුටු නමුත් ගේට්ටුව ඇතුළතින් අගුළු දමා ඇති බවයි දැක ඇත්තේ.

පසුව ඇය වහාම ආරක්ෂක නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, පසුව එහි කළ සෝදිසි මෙහෙයුමක දී කාර්යාලක් තුළ තිබී මහාචාර්යවරයාගේ සහ දියණියගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
2
+1
7
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?