08 හැවිරිදි දියණියගේ ගෙළ කපා මහාචාර්යවරයාත් දිවි නසාගෙන

හර්යානා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයක කාර්යාලක් තුළ තිබී එම විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු සහ ඔහුගේ දියණියගේ සිරුරු ඊයේ (10) සවස සොයාගෙන තිබෙනවා.

මහාචාර්යවරයා විසින් සිය 08 හැවිරිදි දියණියගේ ගෙළ ශල්‍ය බ්ලේඩ් තලයකින් කපා ඔහු ද එම බ්ලේඩ් තලයෙන්ම ගෙළ කපාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සන්දීප් ගෝයල් නැමැති මෙම මහාචාර්යවරයා මෙම අපරාධය සිදුකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඔහු මානසික අවපීඩනයෙන් පසු වූ බවට ඔහුගේ සගයන් විසින් පොලිසියට පවසා තිබෙනවා.

මෙම මහාචාර්යවරයා සිය දියණිය සමඟ ඊයේ (1) සවස 4.00 ට පමණ නිවසින් පිටව ගොස් ඇත්තේ දියණිය සමඟ සිට ස්කූටරය පදින්නට යන බවට බිරිඳට පවසමින්.

පැය කිහිපයක් ගියත් ඔවුන් ආපසු නිවසට නොපැමිණීමත් සමඟ ඔහුගේ බිරිඳ ඔවුන් සොයා විශ්වවිද්‍යාලයට ගොස් තිබෙනවා.

එහිදී මහාචාර්යවරයාගේ ස්කූටරය පශු වෛද්‍ය ශල්‍ය හා විකිරණ දෙපාර්තමේන්තුවෙන් පිටත නවතා ඇති බව ඇය දුටු නමුත් ගේට්ටුව ඇතුළතින් අගුළු දමා ඇති බවයි දැක ඇත්තේ.

පසුව ඇය වහාම ආරක්ෂක නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, පසුව එහි කළ සෝදිසි මෙහෙයුමක දී කාර්යාලක් තුළ තිබී මහාචාර්යවරයාගේ සහ දියණියගේ සිරුරු සොයාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57