05 හැවිරිදි දැරියකට දිවි අහිමි කළ අනතුර

හැටන් – කොළඹ මාර්ගයේ ඉගිරියාවත්ත ප්‍රදේශයේ දී ඊයේ (20) පස්වරුවේ සිදු වූ අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හැටන් දෙස සිට කරවනැල්ල දෙසට ධාවය වූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ ගමන් ගත් ගැබිණි කාන්තාවක් සහ වයස අවුරුදු 05ක කුඩා දැරියක් තැලිගම රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා තුවාලකරුවන් දෙදෙනා කරවනැල්ල රෝහල වෙත මාරුකර යැවීමෙන් පසු දැරිය මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් කිතුල්ගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?