කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ධුරයට ගුණරත්න වන්නිනායක

නීතිඥ ගුණරත්න වන්නිනායක, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස වැඩි ඡන්ද 137 කින් තේරී පත්ව තිබෙනවා.

නීතිඥ ගුණරත්න වන්නිනායක සභාපති ලෙස පත් කර ගැනීම සඳහා ඡන්ද 211 ලැබී තිබූ අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ නීතිඥවරයා ලබා තිබුණේ ඡන්ද 74ක් පමණයි.

ඒ, අනුව වැඩි ඡන්ද 137කින් ඔහු නීතිඥ සංගමයේ සභාපති ලෙස පත්වුණා.

කොළම මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ වසර 66ක ඉතිහාසයේ දී නීතිඥ ගුණරත්න වන්නිනායක සභාපති ධූරයට පත් වූ පස්වන අවස්ථාව මෙය වන අතර එම තනතුරට පත් වූ පුද්ගලයින් අතර වැඩිම වැඩි ඡන්ද සංඛ්‍යාව ලබා ඇත්තේ ද නීතිඥ ගුණරත්න වන්නිනායකයි.

මේ අතර දිවයිනේ වැඩිම නීතිඥයින් සංඛ්‍යාවක් සාමාජිකත්වය දරණ කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස නීතිඥ සදුන් නාගහවත්ත මහතා කටයුතු කරනවා.

නීතිඥ සදුන් නාගහවත්ත මහතා කොළඹ නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අඛණ්ඩව දෙවන වරටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11