spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

⁣බඩෝවිට අසංකගේ ගෝලයෙක් අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ⁣බඩෝවිට අසංකගේ ගෝලයෙකු මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගයාන් තාරක සම්පත් නම් මෙම සැකකරු දෙහිවල වනරතන පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ බොරලැස්ගමුව කනත්ත පාර ප්‍රදේශයේදී යි.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6ක්, ගංජා ග්‍රෑම් 10ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් 467,000ක් මෙන්ම කඩු පහක් සහ තවත් උල් ආයුධයක් ද සොයාගෙන තිබෙනවා.

2019 වසරේ අගෝස්තු මස පළමුවනදා දෙහිවල පොලිස් වසමේදී තියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් කිරීමට අදාළව මෙම සැකකරුට එරෙහිව ගල්කිස්ස අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?