ෆිච් රේටිං බංග්ලාදේශයේ රේටිං පහත දමයි

මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ඇති වී තිබෙන බාහිර මූල්‍ය අවදානම් පදනම් කරගනිමින්, ෆිච් රේටිංස් (Fitch Ratings) ආයතනය බංග්ලාදේශයේ දිගුකාලීන විදේශ විනිමය නිකුත් කරන්නන්ගේ පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම් (IDR) හි ආර්ථික දැක්ම ‘ස්ථාවර’ මට්ටමේ සිට ‘සෘණාත්මක’ (Negative) මට්ටම දක්වා පහත හෙළා තිබෙනවා.

කෙසේ වෙතත්, බංග්ලාදේශයේ සමස්ත ණය ශ්‍රේණිගත කිරීම ‘B+’ මට්ටමේ තවදුරටත් ස්ථාවරව පවත්වා ගැනීමට එම ආයතනය පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පළවන්නේ.

රොයිටර් පුවත් සේවයට අනුව, බංග්ලාදේශයට ලැබෙන විදේශ ප්‍රේෂණවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් මැදපෙරදිග කලාපය මත රඳා පවතින බැවින් මෙම තත්ත්වය මතු වී ඇති අතර ඉන්ධන ආනයන වියදම් ඉහළ යාම සහ විදේශ විනිමය සංචිතවලට එල්ල වී ඇති පීඩනය මෙයට හේතු වී තිබෙනවා.

එසේම, රටේ බැංකු ක්ෂේත්‍රයේ පවතින දුර්වලතා සහ උද්ධමනය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහන වැඩසටහන්වල අවිනිශ්චිතතාවක් ද මතු වී ඇති බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14