ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය උත්සවය අද – අද ජාතික ශෝක දිනයක් (ඡායාරූප)

ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවය මෙරට වේලාවෙන් අද (25) පස්වරු 1.30ට පමණ පැවැත්වීමට නියමිතයි.

වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ දී අවසන් කටයුතු සිදුකිරීමට නියමිත අතර, කාදිනල් ජියෝවානි බැටිස්ටා රේ විසින් අවමංගල්‍ය දේව මෙහෙය පැවැත්වෙන බවයි වතිකානය නිවේදනය කළේ.

මේ අතර ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති පෙට්ටියට මුද්‍රා තැබීම ඊයේ (25) රාත්‍රියේ සිදු කෙරුණා.

ඒ, කාදිනල් කෙවීන් ෆැරල් හිමිපාණන්ගේ අධීක්ෂණයෙන්.

උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම අවස්ථාව ලබාදී තිබූ දින තුන තුළ 250,000ක පමණ පිරිසක් උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැන්වීමට පැමිණ ඇති බව වතිකානය වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් රාජ්‍ය නායකයින් රැසක් රෝමය වෙත පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊට අමතරව ලොව නන්දෙසින් පැමිණි කාදිනල් හිමිවරුන්, කතෝලික සභාවේ ජ්‍යෙෂ්ඨ පූජකතුමන්ලා මෙම අවමංගල්‍ය උත්සවය සඳහා එක්වීමට නියමිතව තිබෙනවා.

පාප් වහන්සේගේ දේහය දෙවියන් වහන්සේට භාරදීමේ අවසන් යාච්ඤා මෙහෙයෙන් පසු භූමදානය සඳහා රෝමයේ ශාන්ත මැජෝරි බැසිලිකා දේවස්ථානය වෙත රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

ඒ, ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුවයි.

මේ අතර ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදුකෙරෙන අද (26) දිනය ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, අනුව අද සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹුකර තැබීමට කටයුතු කරන ලෙසයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ.

WhatsApp Image 2025 04 26 at 7.36.03 AM
WhatsApp Image 2025 04 26 at 7.35.38 AM
WhatsApp Image 2025 04 26 at 7.34.54 AM
WhatsApp Image 2025 04 26 at 7.34.30 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23