ෆයිසර් එන්නත ගත්ත දහසකගේ ජීවිත අනතුරේ – පිරිමින්ට වැඩි අවදානමක්!

ලෝකයේ සාර්ථකම කොරෝනා මර්දන එන්නත් දෙක යැයි සඳහන් වූ ෆයිසර් – බයෝ එන්ටෙක් සහ මොඩර්නා එන්නත් ලබාගත් 1200කට ආසන්න ඇමෙරිකානුවන් පිරිසක් හට හෘද්‍යාබාධ ඇති වීමේ අවධානමක් ඇති බවට ඇමෙරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.

මෙම පිරිස අතර වයස අවුරුදු 30ට අඩු 500 දෙනෙකුද සිටින බවයි සඳහන් වෙන්නේ. එන්නත ලබාගත් පිරිස අතරින් එහි අතුරු ඵලයන්ට නිසා පීඩාවට පත් පිරිසට වඩා එන්නත ලබා ගැනීම තුළින් වසංගත අවදානමෙන් මිදුණු පිරිස වැඩි බවත් නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කර තිබෙනවා.

ඇමෙරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් ඇමෙරිකාව තුළ වයස අවුරුදු 12ට වැඩි ඕනෑම පුද්ගලයෙකු සඳහා එන්නත් ලබාදීමට අනුමැතිය ලබා දී අවසන්.

අතුරුඵලයන් නිසා පීඩාවට පත් බොහෝ දෙනෙකු හෘද්‍ය ආශ්‍රිත රෝගී තත්ත්වයන්ට මුහුණ දී ඇති අතර හෘද්‍යයේ පේශි අශ්‍රිතව ඇතිවෙන ප්‍රදාහය නිසා ඇතිවෙන මයෝකාඩයිටිස් (myocarditis) සහ පෙරිකාර්ඩයිටිස් (pericarditis) වැනි තත්ත්වයන් ඇතිව තිබෙන බව සඳහන් වෙනවා. මෙය බොහෝ විට දෙවැනි මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව සිදුවන දෙයක් බවට අනාවරණය වී ඇති බවයි රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පර්යේෂකයන් පවසා සිටින්නේ.

මෙම අවදානම් තත්ත්වය කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයින් තුළින් වැඩි වශයෙන් වාර්තා වෙන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

මෙම වාර්තාව වූ අතුරු ප්‍රතිඵල අතර තෙහෙට්ටුව, පපුවේ වේදනාව සහ හෘද රිද්මයේ ඇති වන කැළඹීම් වැනි රෝග ලක්ෂණ බොහෝ විට දැඩි රෝග ලක්ෂණ නොවන බවත් ඒවා මෘදු වූ බව පර්යේෂකයෝ සඳහන් කර තිබුණා. වයස අවුරුදු 30 ට අඩු එන්නත ලබාගත්  484 දෙනෙකුගෙන් 323 ක් නිශ්චිතවම මෙම රෝගී තත්ත්වයට මුහුණ දී ඇති බවට තහවුරු කරගෙන ඇති අතර ඉතිරි පිරිස පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි පර්යේෂකයන් කියා සිටින්නේ.

ඇමෙරිකාවේ පිට්ස්බර්ග්හි යූපීඑම්සී ළමා රෝහලේ ළමුන් හදවත් රෝගී තත්ත්වයන් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය බ්‍රයන් ෆින්ගෝල්ඩ් විසින් නිව්යෝර්ක් ටයිම්ස් වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ මෙම සිදුවීම් ඉතා දුර්ලභ, අතිශය දුර්ලභ බවත් ඒවා කෝවිඩ් හා සම්බන්ධ රෝගාබාධ හා  මරණ අනුපාතය සමඟ සසඳා බලන විට ඉතාමත් අඩු අගයක් බවයි.

එක්සත් ජනපදය තුළ තිබෙන ෆෙඩරල් සහ වෘත්තීය වෛද්‍ය සංවිධානයේ වෛද්‍යවරුන් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මයෝකාඩයිටිස් තත්ත්වය අතිශය දුර්ලභ අතුරු ආබාධයක් වන අතර එන්නත ලබා දීමෙන් පසු එය අත්විඳිය හැක්කේ ඉතා සුළු පිරිසකට පමණක් යනුවෙනි.

කෙසේ වෙතත් ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය ආයතනය විසින් ඉදිරි දිනවලදී ඇතිවිය හැකි හෘදයාබාධ පිළිබඳව එන්නත් ඇසුරුම්වලට අනතුරු ඇඟවීමක් කරනු ඇති බවට සඳහන් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32