ළමුන් රැසකගේ දෑස් පෙනීම අහිමි කරමින් ඉන්දියාවේ පැතිර යන උන්මාදය

දීපාවලි උත්සව සමයේ ඉන්දියාව තුළ උන්මාදයක් ලෙස ආරම්භ වූ ‘කාබයිඩ් තුවක්කු’ හේතුවෙන් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව දැන් 320 ඉක්මවා ගොස් තිබෙනවා.

මෙලෙස තුවාල ලැබූවන්ගෙන් සියයට 80ක් ළමයින් වන අතර, ඉන් බොහෝ දෙනෙකු නැවත පෙනීම ලබාගැනීමට අරගල කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

දේශීය රතිඤ්ඤා තුවක්කුව ලෙස ජනප්‍රියව හැඳින්වෙන මෙම තුවක්කු, මෙවර දීපාවලි උත්සවයේ නවතම අංගයක් ලෙස ඉන්දීය වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා.

මෙහි ඇති අවදානම් තත්ත්වය හේතුවෙන් පසුගිය 18 වනදා එය තහනම් කිරීමට ද නියෝග කළ නමුත් එම තහනම නොතකා දේශීය වෙළඳපොළවල් වල එය අලෙවි වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ප්ලාස්ටික් හෝ ටින් පයිප්ප භාවිතයෙන් ‘කාබයිඩ් තුවක්කුව’ සාදා, වෙඩි බෙහෙත්, ගිනි කූරු හිස් සහ කැල්සියම් කාබයිඩ්වලින් පුරවා සිදුරක් හරහා එය දල්වනු ලබනවා.

එම අවස්ථාවේ දී මෙම උපකරණ ඇසිටිලීන් වායු පිපිරීම් භාවිතා කරමින් බිහිරි ශබ්ද සහ පීඩන තරංගයක් ඇති කරන අතර එමඟින් සම පිළිස්සීම, කන් බෙරය කැඩී යාම සහ ස්ථිර අන්ධභාවය ඇති කළ හැකියි.

මේ අතර කාබයිඩ් තුවක්කු සෙල්ලම් බඩුවක් නොව පුපුරණ සුළු ආයුධ බව අනතුරු ඇඟවීම සඳහා විශේෂයෙන් දෙමාපියන්, පාසල් සහ ළමුන් ඉලක්ක කර ගනිමින් ප්‍රාන්ත කිහිපයක මහජන දැනුවත් කිරීමේ ව්‍යාපාර ද ආරම්භ කර තිබෙනවා.

කාබයිඩ් තුවක්කු අලෙවිකරණ වෙළෙන්දන් සොයා වැටලීම් සිදුකරන අතර, සමාජ මාධ්‍යයේ හා අන්තර්ජලය තුළ ද මෙම උපකරණය අලෙවි කිරීම අවහිර කිරීමට කටයුතු කරන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

මේ අතර මෙම භයානක උපකරණ භාවිතය වේගවත් වීමට හේතුව සමාජ මාධ්‍ය බවයි පොලිසිය පවසන්නේ.

ඇතැම් ළමුන් සහ තරුණ පිරිස් මෙම කාබයිඩ් තුවක්කුව හසුරවන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම මෙහි ව්‍යාප්තියට හේතු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27