ළමුන්ට දඬුවම් කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත තවමත් නීතියක් වී නැහැ

ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව, (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව මඟින් නීතියක් ලෙස සම්මත කර නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ අදාළ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පමණක් පාර්ලිමේන්තුවේ දී පැවත් වූ බවයි.

අදාළ නිවේදනය,
“ඉහත සඳහන් කළ දණ්ඩ නීති සංග්‍රහය සං‍ශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 24 වැනිදා පවත්වන ලදී.
එහෙත් අදාළ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයක් පැවැත්වුවා මිස එය නීතියක් ලෙස සම්මත කර ගැනීමකින් තොරව කල්තැබූ අතර, අදාළ පනත් කෙටුම්පත සම්මත කරනු නොලැබුවේ එම සංශෝධනය බලාත්මකවීමට නම් ඊට සමානව අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේද සංශෝධනයක් සිදු විය යුතු බැවිනි.
මෙම පනත් කෙටුම්පත මෙතෙක් නීතියක් ලෙස සම්මත කර නොමැති අතර, මේ සඳහා සංශෝධන ඉදිරිපත් කළ යුතු නම් අදාළ සංශෝධන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.
ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වු පනත මේ දක්වා නීතියක් බවට පත්ව නොමැති බව අධිකරණ අමාත්‍යවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18