ළමා මන්දපෝෂණය ගැන ලබාදුන් වාර්තා පිළිගන්න බැහැ – පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ළමා මන්දපෝෂණය සම්බන්ධ ව රාජ්‍ය ආයතන ඉදිරිපත් කරන සංඛ්‍යාමය වාර්තාවලින් රටේ පවත්නා සැබෑ තත්ත්වය අනාවරණය නොවන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී හෙළි ව තිබෙනවා.

ඊට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සඳහන් කළේ පෝෂණ අවශ්‍යතා සහිත දරුවන් පිරිස නිවැරදිව ම හඳුනාගෙන වාර්තාවක් ලබාදීමට අදාළ රාජ්‍ය ආයතන කටයුතු කළ යුතු බවයි.

වතුකරයේ ගර්භණී මවුවරුන්ගේ මානසික පීඩාවන් අලුත උපදින දරුවන්ගේ සෞඛ්‍යයට ඍජුව ම බලපාන බව ද මෙහිදී අනාවරණය වුණා.

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේ ද, යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳ ව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳ ව අධීක්ෂණය කිරීම සඳහාත් මෙහිදී විශේෂ කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු කෙරුණු බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ළමා මන්ද පෝෂණය සම්බන්ධ ව පවතින නිවැරදි ම දත්ත අයවැයට පෙර කාරක සභාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් ඒ ඔස්සේ ළමා මන්ද පෝෂණය තුරන් කිරීම සම්බන්ධයෙන් පොදු යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවකාශය සැලසෙන බවත් කාරක සභාව නිලධාරීන්ට පෙන්වා දුන්නා.

Select Committe on Child Malnutrition 20231018 2
Select Committe on Child Malnutrition 20231018 3
Select Committe on Child Malnutrition 20231018 4
Select Committe on Child Malnutrition 20231018 5
Select Committe on Child Malnutrition 20231018 6
Select Committe on Child Malnutrition 20231018 8
Select Committe on Child Malnutrition 20231018 9
Select Committe on Child Malnutrition 20231018 10


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32