ළමා නිවාසයෙන් පැන්න දැරියන් දෙදෙනා හෙදියගේ සැළකිල්ල නිසා පොලිස් භාරයට

අකුරැස්ස සර්වෝදය සුවසෙත ළමා නිවාසයෙන් පළා ගිය කුඩා දැරියන් දෙදෙනෙකු යළිත් එහි පාලිකාවන්ට භාරදීමට අකුරැස්ස පොලිසිය විසින් කටයුතු කර ඇති බව වාර්තා වනවා.

අදාළ දැරියන් දෙදෙනා ඊයේ (04) පස්වරුවේ අකුරැස්ස රෝහල ආසන්නයේ අතුරු මාර්ගයක කළබලයෙන් ගමන් කරන අයුරු රෝහලේ හෙද පාලිකාවකට නිරීක්ෂණය වී තිබෙනවා.

එහිදී දැරියන් දෙදෙනා මාර්ගයේ නවතා තිබූ බස් රථයකට ගොඩවී ඇති අතර, මේ සම්බන්ධයෙන් සැක සිතූ හෙද පාලිකාව ත්‍රීරෝද රථයකට ගොඩ වී බස් රථය පසුපස හඹා යන අතරවාරයේ දැරියන් දෙදෙනා පිළිබදව අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

පසුව පොලීසිය සහ හෙද පාලිකාව විසින් බස් රථය කිලෝමීටර 04ක පමණ දුරක් ධාවනය වී තිබිය දී නතරකර ගැනීමට හැකිව තිබෙනවා.

එහිදී බස් රථය තුළ සිටි වයස අවුරුදු 02ක සහ අවුරුදු 13ක කුඩා දැරියන් දෙදෙනා ඉන් බස්සවාගෙන පොලිස් භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී පොලිසිය විසින් වැඩිමල් දැරියගෙන් ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු විමසා ඇති අතර, එම අවස්ථාවේ ඇයට ක්ලාන්ත ස්වභාවයක් ඇතිවීම හේතුවෙන් වහාම රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙම සිද්ධිය සිදුවූ වී පැය කිහිපයකට පසු අකුරැස්ස සර්වෝදය සුවසෙත ළමා නිවාසයේ රැඳී සිටි ළමුන් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් කිරීමට එහි පාලිකාවන් දෙදෙනෙකු අකුරැස්ස පොලීසියට පැමිණ තිබෙනවා.

අනතුරුව පොලිසිය භාරයට ගෙන සිටි දැරියන් දෙදෙනා සම්බන්ධයෙන් තොරතුරු පැවසීමෙන් පසු ළමා නිවාසයෙන් පළා ආ දැරියන් දෙදෙනා මෙම දැරියන් බවට හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් දැරියන් සම්බන්ධයෙන් සිදුකරන වෛද්‍ය පරීක්ෂණ අවසන්වීමෙන් පසු ඔවුන් යළි ළමා නිවාස පාලිකාවන්ට භාරදීමට කටයුතු කරන බවයි අකුරැස්ස පොලිසිය පැවසුවේ.

එම අවස්ථාව් රාජකාරිය නිසි අයුරින් ඉටු නොකිරීම සම්බන්ධයෙන් ළමා නිවාසයේ පාලිකාවන්ට පොලිසිය විසින් දැඩි සේ අවවාද කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම දැරියන් දෙදෙනා දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි බවත්, ඔවුන්ගේ පියා මත්ද්‍රව්‍ය වැරදි හේතුවෙන් මේ වනවිට බන්ධනාගාරගතව සිටින බවයි අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38