හෝමාගම කර්මාන්තපුරයේ පැතිර යන දුමාරයත් සමඟ විශේෂ දැනුම්දීමක්

හෝමාගම – කටුවාන කර්මාන්තපුරයේ පිහිටි මීට මාස කිහිපයකට පෙර අවස්ථා දෙකක දී ගිනිගත් ක්ලෝරීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින් ඊයේ (07) රාත්‍රියේ සිට අධික දුමාරයක් පැතිරෙමින් ඇති බව වාර්තා වුණා.

මේ හේතුවෙන් ප්‍රදේශය පුරා අධික ක්ලෝරින් දුඟදක් සහිත දුමාරයක් පැතිර යන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කර්මාන්ත පුරයේ ඇති කර්මාන්ත ශාලාවල සේවකයින්ට මේ පිළිබඳ දැනුවත් කර ඇති අතර සියලුදෙනාට මුඛ ආවරණ පැළඳ සේවයේ නිරතවන ලෙස දැනුම් දී තිබෙනවා.

මේ අතර යම් අයෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් පවතින්නේ නම් වහාම රෝහල්ගත වෙන ලෙස ද දැනුම් දෙනවා.

එමෙන්ම අද (08) අලුයම සිට කර්මාන්තපුරයට කිසිවෙකුට ඇතුළු වීමට ආරක්ෂක අංශ අවසර ලබා නොදෙන බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම තත්ත්වයත් සමඟ කෝට්ටේ නගර සභාවට අයත් ගිනි නිවන රථයක් සහ ජල බවුසරයක් ද කර්මාන්තශාලාව පිහිටි ස්ථානය කැඳවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09
Video thumbnail
දස මහා යෝධයා - චාමර සම්පත් දසනායක
01:30
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:17
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:23
Video thumbnail
චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
02:18
Video thumbnail
ඕක ඩිලීට් කරපන් ඕයි, ෆෝන් එක පොළොවේ ග#නවා
00:39
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු ඉක්මවූ සිසුන් ගණන 56000ක් - වැඩිම ලකුණ 193යි
10:40