හෝමාගම අවට හෙට (03) සිට විශේෂ රථ වාහන සැලැස්මක්

හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපයට අදාළව හෙට (03) සිට 5 වනදා දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

මෙම පොසොන් කලාපය හෝමාගම නගරය, දුම්රියපොල හන්දිය, පිටිපන හන්දිය, පනාගොඩ යුද හමුදා කඳවුර ඉදිරිපිට මාර්ගය, ගොඩගම හන්දිය සහ මහින්ද රාජපක්ෂ විද්‍යාල ක්‍රීඩාංගණය අවට ප්‍රදේශය ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිතයි.

මෙම පොසොන් කලාපය පැවැත්වෙන දිනවල සවස 6 සිට රාත්‍රී 12 දක්වා එම ප්‍රදේශවල මාර්ගවල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

Homagama Traffic1
Homagama Traffic2 scaled