spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෝටල් කාමරයෙන් පිටතට එන්න එපා – ගෝඨාභයට තායිලන්ත ආරක්ෂක අංශ දන්වයි

මේ වනවිට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්ත ආරක්ෂක අංශ විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එරට ආරක්ෂක අංශ හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ නවාතැන්ගෙන සිටින හෝටල් කාමරයෙන් පිටතට නොයන ලෙසටයි.

පවතින ආරක්ෂක තත්ත්වය මත එම දැනුම්දීම හිටපු ජනාධිපතිවරයාට සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට පැමිණි පසු ඔහු රැඳී සිටින ස්ථානය පිළිබඳව සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

කෙසේ වෙතත් ඔහු රැඳී සිටින හෝටලයේ ආරක්‍ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු විශේෂ බලකා පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මාසයකට ආසන්න කාලයක් සිංගප්පූරුවේ රැඳීසිටි ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරු ගුවන් යානයකින් පසුගිය 11 වනදා රාත්‍රියේ තායිලන්තයට පැමිණියා.

හිටපු ජනාධිපතිවරයා දින 90ක කාලයක් තායිලන්තයේ රැඳීසිටිමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?