හොර පොලිස් ලොක්කන්ට රැවටෙන්න එපා – පොලිසියෙන් නිවේදනයක්

Telegram / WhatsApp ආදී ගිණුම් හරහා අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන මූල්‍ය වංචා සම්බන්ධව පැමිණිලි දෛනිකව වාර්තා වන බව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එමෙන්ම පසුගිය වකවානුව තුල මෙරට රැඳී සිටිමින් අන්තර්ජාල වංචා කිරීම්වලට සම්බන්ධ විදේශිකයින් අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පරිගණක හෝ ජංගම දුරකථන යොදා ගනිමින් අන්තර්ජාලය හරහා සිදු කරන නීති විරෝධී ක්‍රියාවන්, පුද්ගලික තොරතුරු සොරකම් කිරීම්, බැංකු ගිණුම් වලට හොර රහසේ ඇතුල් වීම (Hacking) සමාජ මාධ්‍ය ගිණුම් අත්පත් කර ගැනීම්, සහ ව්‍යාජ වෙබ් අඩ වි නිර්මාණය කර මුදල් වංචා කිරීම් ආදී අන්තර්ජාල වංචාවන්හි වර්ධනයක් ද මේ වන විට දක්නට ඇති බවයි පොලිසිය පවසන්නේ.

විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසියේ උසස් පොලිස් නිලධාරීන් බවට හා විමර්ශන අංශන් බව හගවමින් මෙම වංචාවන් සිදු කිරීම්ද වාර්ථා වන බවද පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ සඳහන්.

ඒ අනුව වංචනිකයින් විසින්,

  • ඔබගේ කාර්යාලයේ ස්ථාවර දුරකථනයට හෝ ජංගම දුරකථනයට ශ්‍රී ලංකා මහ බැංකුවෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ ශ්‍රී ලංකා පොලිසියේ විමර්ශන ඒකකයන් ලෙස හඳුන්වා දෙමින් ඇමතුම් ලබා ගැනීම.
  • ඔබගේ ජාතික හැදුනුම්පත යොදා වංචාවක් සිදුවී ඇත”, “ඔබ නොදන්නා ප්‍රදේශයකින් බැංකු කාඩ්පතක් ලබාගෙන ගෙවීම් පැහැර හැර ඇත”, ” ඔබගේ ගිණුම Money Laundering සඳහා යොදාගෙන ඇත, නඩු දමනවා” යනුවෙන් පවසා ඇමතුම් ලබා ගැනීම.
  • රහසිගත විමර්ශනයක් සිදු කරන බවට පවසා බියගන්වා අනතුරුව ඔබට උදව් කරන්නම් යනුවෙන් පවසා විවිධ ඉල්ලීම් WhatsApp හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාලා වෙත එවන ලෙස දන්වා, ව්‍යාජ නිල ලාංඡන, ලියකියවිලි සහ නිලධාරීන්ගේ ඡායාරූප යොමුකිරීම.
  • වංචනිකයින් විසින් පැමිණිල්ල සමථයකට පත් කිරීමට, “Verification සඳහා, Freeze වූ ගිණුම නිදහස් කිරීමට යනුවෙන් පවසා ඔබගේ බැංකු ගිණුම්වලට ලොග් වීමට OTP අංක ලබාගෙන, වෙනත් ගිණුම්වලට මුදල් මාරු කිරීමට හෝ USDT වැනි Cryptocurrency මිලදී ගෙන එවන ලෙස බලපෑම් කර මුදල් සහ තොරතුරු ලබා ගැනීම වැනි විවිධ ක්‍රමවේද උපයෝගී කරගනී.

ඒ අනුව ඔබගේ පුද්ගලික හා මූල්‍ය තොරතුරු වල ආරක්ෂාව සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කල යුතු වන බවයි පොලිසිය පවසන්නේ.

  • කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් දුරකථන ඇමතුමකින් හෝ WhatsApp හෝ සමාජ මාධ්‍ය ජාලා හරහා ඔබගේ ජාතික හැදුම්පත් අංකය, බැංකු ගිණුම් විස්තර, කාඩ්පත් අංක, CVV අංකය, මුරපද හෝ OTP අංක ඉල්ලා නොසිටියි.
    එවැනි තොරතුරු ඉල්ලා සිටින සියලුම ඇමතුම් සහ පණිවිඩ වංචනික ඒවා බව සලකන්න.
  • ඔබේ ගිණුම අවදානමේ, කාඩ්පත අවහිර වී ඇත, නඩු දමනවා, යනුවෙන් පවසා බිය ගන්වා මුදල් මාරු කිරීමට කරන බලපෑම්වලට හසු නොවන්න.

ඔබ නොදන්නා ගිණුමකට හෝ පුද්ගලයෙකුට මුදල් මාරු කිරීමට පෙර, ඔබගේ බැංකුවේ නිල දුරකථන අංකය ඔස්සේ කතා කර තහවුරු කරගන්නා ලෙසත් පොලිසිය පවසනවා.

  • ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හෝ ශ්‍රී ලංකා මහ බැංකුව කිසිවිටෙකත් පෞද්ගලික WhatsApp අංක හරහා විමර්ශන සිදු නොකරන අතර, බැංකු ගිණුම් අංක ලබා දී මුදල් තැන්පත් කරන ලෙස ඉල්ලා නොසිටී.

නිල දැනුම් දීමක් සඳහා ලිඛිතව ලිපියක් එවනු ලබන අතර, අවශ්‍ය විටෙක නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් පැමිණෙන බවද පොලිසිය පෙන්වා දෙනවා.

  • රාජ්‍ය ආයතනවල ලාංඡන, නිලධාරීන්ගේ නම් සහ අත්සන් යොදා WhatsApp හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාලා හරහා මගින් එවනු ලබන ලියකියවිලි බොහෝ විට ව්‍යාජ ඒවා වන අතර එවැනි පණිවිඩයක් ලද වහාම ඔබගේ ප්‍රදේශයේ පොලිස් ස්ථානයට වහාම දැනුම් දෙන්න.
  • කිසියම් සැකයක් ඇත්නම් අදාළ ආයතනයේ නිල වෙබ් අඩවියේ සඳහන් දුරකථන අංකය ඔස්සේ කතා කර සත්‍යතාවය තහවුරු කරගන්නා ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.
  • නොදන්නා පුද්ගලයින් හා සමාජ මාධ්‍ය ජාලා සමූහ මඟින් පල කරනු ලබන අන්තර්ජාල දිගු හා ස්කෑන් කේත භාවිතයෙන් වැලකීම.
  • මෙවැනි මූල්‍ය අක්‍රමිකතා සිදු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියා කරන ලෙසට දිවයිනේ සියළු පොලිස් ස්ථාන දැනුවත් කරමින් පොලිස්පතිතුමා විසින් අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවද සඳහන්.

එමෙන්ම මේ සම්බන්ධව ක්‍රියා කිරීම සඳහා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස වෙත උපදෙස් ලබා දී ඇති බවඩ් සඳහන් වනවා.

ශ්‍රී ලංකා පොලිසිය කිසිදු විමර්ශනයක් සඳහා මහජනතාවගෙන් මුදල් අය නොකරන අතර එවැනි ඉල්ලීම් වංචනිකයන් විසින් සිදු කරනු ලබන ක්‍රියාවන් වන අතර ඒ සම්බන්ධව මහජනතාවට පහත දුරකථන අංක ඔස්සේ පොලිසිය දැනුවත් කිරීමේ හැකියාව පවතින බව පොලිසිය පවසනවා.

දුරකථන අංක

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අධීක්ෂණ නිලධාරීන් – 071-8592918 / 071-8591765

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය – 0112300756

තවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලිඛිතව පැමිණිලි කිරීමේ හැකියාවද මහජනතාවට පවතින බවත් නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංජීව එදිරිමාන්න අධිකරණය ගැන බරපතළ ප්‍රකාශයක් කළේ - නිරායුද සැකකරුවෙක්ට එහෙම ප#ර දෙන්න බෑ
03:13
Video thumbnail
වැල්ලවාය - මොණරාගල පාරේ කඩා වැටීමේ අවධානමක තිබූ ගස් කpa ඉවත්කරයි
01:06
Video thumbnail
අජිත් කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඉහළම අධිකරණවල පුරප්පාඩු 8ක්..විශාල ප්‍රමාණයක් මේ
08:22
Video thumbnail
පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්ත අයට තමයි මුළින්ම දඬුවම් දෙන්න ඕනේ
07:23
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව කරන පැමිණිලිවලට කිසිම නෑ?
03:53
Video thumbnail
විමල්, ගම්මන්පිල, දිලිත් වහාම අත්අඩංගුවට ගන්න - පොලිස්පතිට පැමිණිල්ලක්
02:12
Video thumbnail
අල්ලස් කොමිසමට ගිය සුගීශ්වර ආණ්ඩුව සැරටම අමතයි
02:47
Video thumbnail
චානක තනියම නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - සලේට ව# දෙනකොට CCTV කැමරා 8ක් තිබිලා
07:59
Video thumbnail
අහක යන කුණු කරත්තවලට බෙල්ල තියන්න එපා
07:03
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ ලක්ෂ ගණනක වංචාවක් ගැන පැමිණිල්ලක් - විනාශ කරාට වැඩක් නෑ මං ගාව තියෙනවා
02:40