හොරෙන් රේගුවට ආනයනය කළ මෝටර් රථ සම්බන්ධයෙන් සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට නියෝග

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුවන්ද වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කර තිබෙනවා.

රජයට පාඩු කරමින් හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී වාහන දෙසීයක් අතරින් මේ වන විට රජයට භාරදී ඇත්තේ වාහන විස්සක් පමණක් බවට අල්ලස් දූෂණ විමර්ශන කොමිසමේ රහසිගත බුද්ධි විමර්ශන ඒකකය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කර තිබුණා.

නඩුව කැඳවූ අවස්ථාවේදී රහසිගත බුද්ධි ඒකකය අත්අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුත් මිට්සුබිසි වර්ගයේ ජීප් රථයක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ජිප් රථය එච්.එල්.කේ පරකැටැල්ල නැමැති පුද්ගලයා සතුව තිබී අත්අඩංගුවට ගත් බවත්, අදාල ජීප් රථය වහා රජයට බාර දෙන ලෙසට සැප්තැම්බර් මස 18 වෙනි දින අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබුණද රථ හිමියා විසින් අදාළ රථය සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

රථ හිමියාට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව ඔහු සතුව තිබූ රථය අත්අඩංගුවට ගත් බවද එහිදී පවසා තිබුණා.

කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රථ අත්අඩංගුවට ගැනීම මෙන්ම එලෙස රජයට පාඩු කළ සැකකරුවන් ද වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම කොමිසම සතු වගකීම බව පෙන්වා දෙමින් සැකකරුවන්ද අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කෙරුණා.

2015 වර්ෂයෙන් පසුව සුඛෝපභෝගී ජීප් රථ හා වාහන ශ්‍රී ලංකා රේගුවට හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් 2005 ට පෙර ආනයනය කළ සාමාන්‍ය රථ වාහන ලෙස ලියාපදිංචි කර ඇති සුඛෝපභෝගී වාහන දෙසීයක් (200) අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම මගින් විමර්ශන සිදු කරන අතර එම වාහන වහාම රජයට භාර දෙන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ නියෝග ප්‍රකාරව මෙම සුඛෝපභෝගී ජීප් රථය ඊයේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබුණා.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ රථය නිත්‍යානුකුලව ක්‍රියාදාම කිරීමට ශ්‍රී ලංකා රේගුවට භාර දෙන ලෙසට නියෝග කරමින් සෙසු වාහන සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය ලබන එකොළොස්වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14