හොකී ශූරතාව දිනූ විශිෂ්ටයින් දිවයිනට

මැලේසියාවේ පැවති “පෙස්ටා” ආරාධිත හොකී තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා පාසැල් වයස අවුරුදු 18න් පහළ කාන්තා මෙරූන් කණ්ඩායම, එහි ශූරතාව දිනා දිවයිනට පැමිණියා.

මෙම ශූරියන් ඊයේ (26) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් පැමිණ ඇති බවයි දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

තරගාවලිය මැලේසියාවේ ෆිනෑන්ග් නුවර ඉකුත් 20 වැනි දින සිට 22 දින දක්වා පැවැත්වුණා.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා පාසැල් හොකී සංගමයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 68 දෙනෙකු එක් ව සිටියා.