හෙලිකොප්ටර් යානයක් මධ්‍යධරණී මුහුදට කඩා වැටෙයි – සෙබළුන් 05ක් මරුට

මධ්‍යධරණී මුහුදට හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා.

මෙම ගුවන් අනතුරින් අමෙරිකාවේ සෙබළුන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

අමෙරිකානු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක් ව තිබෙනවා.

පුහුණු මෙහෙයුමක් අතරතුරදියි මෙම අනතුර සිදු ව ඇත්තේ.

අමෙරිකානු යුරෝපීය ආරක්ෂක විධානය පැවසුවේ අනතුරින් පසු ව මුදා ගැනීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වූ බවත්, සිදුවීමට හේතුව සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මෙම මියගියවුන් සියල්ල ම අමෙරිකානු ගුවන් හමුදා විශේෂ බලකා ඒකකයට අයත් බවත් වාර්තාවනවා.

අනතුර සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සඳහන් කර ඇත්තේ මෙය පුහුණු ගුවන් අනතුරක් බවයි.