හෙරොයින් සමග කතක් ග්‍රෑන්ඩ්පාස් හි දී කොටුවෙයි

දිගු කලෙක සිට හෙරොයින් ජාවාරමේ යෙදුන කාන්තාවක් එම මත්ද්‍රව්‍ය ජාවාරමේන් උපයාගත් මුදල් ද සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) මෙම වැටලීම සිදු කර ඇත්තේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකය (බස්නාහිර උතුර) විසින් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ගැමුණු මාවත, කොලඹ 14 ලිපිනයේ දී යි.

දිගු කලෙක පටන් හෙරොයින් ජාවාරමේ යෙදුන ඔරුගොඩවත්ත, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 750ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටියදී අත් අඩංගුවට ගැනුණා.

සැකකාරිණිය විසින් මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගනු ලැබූ බවට සැක කෙරෙන රුපියල් 25,000ක් ද සොයා ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් සිදු කරනවා.