හෙරොයින් තොගයක් සමඟ යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

දකුණු මුහුදේ දී නාවික හමුදා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ විශේෂ වැටලීමක් සිදුකර තිබෙනවා.

මෙහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන යාත්‍රා දෙකක් එම නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස භාරයට ගෙන ඇත්තේ බහුදින ධීවර යාත්‍රාවක් සහ එක් දින යාත්‍රාවක් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

එම ධීවර යාත්‍රා සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වනවිට ගාලු වරායට රැගෙන එමින් පවතින බව සඳහන්.