spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජීවත්ව සිටිය දී අවසන් ගමන් යැවූ හීත් ස්ට්‍රීක් නොඑන්නම යයි

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන හීත් ස්ට්‍රීක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

දීර්ඝ කාලයක සිට පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටි හීත් ස්ට්‍රීක් අද (03) උදෑසන මියගිය බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහුගේ බිරිඳවන නදීන් සඳහන් කර තිබෙනවා.

මිය යනවිට ඔහු 49 හැවිරිදි වියේ පසු වූ අතර, හීත් ස්ට්‍රීක් දරුවන් හතරදෙනෙකුගේ පියෙක් ද වනවා.

මීට පෙර ද හීත් ස්ට්‍රීක් ජීවිතක්ෂයට පත් වූ බවට ලොව පුරා පුවතක් පැතිර ගිය අතර, පසුව එම පුවත් අසත්‍ය පුවතක් බවටයි අනාවරණය වුණේ.

1990 දශකයේ සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රධාන චරිතයක් වූයේ ස්ට්‍රීක්, ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම සාර්ථක කාලවකවානුව තුළ විශාල මෙහෙයක් සිය කණ්ඩායම වෙනුවෙන් ඉටුකළ ක්‍රීඩකයෙක් වනවා.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
31
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?